Home / Featured / යහපාලන අම්බරුවෝ -සගරුවනට අත තැබුවෝ … හම්බන්තොට යළි උණුසුම් ! කසාවතට ගල් ගැසූ නරුම පාලකයන් පන්නා දමන්න මහ සග රුවන මහා පාරේ !

යහපාලන අම්බරුවෝ -සගරුවනට අත තැබුවෝ … හම්බන්තොට යළි උණුසුම් ! කසාවතට ගල් ගැසූ නරුම පාලකයන් පන්නා දමන්න මහ සග රුවන මහා පාරේ !

හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් හා පවරා දීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට , ආණ්ඩුව පොලිසිය ලවා කදුළු ගෑස් ,ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව අදත් (09) විරෝධතා පැවැත්වුණා . තිස්ස – කතරගම ප‍්‍රධාන මාර්ගයේ වීරවිල මංසන්ධියට එක්වූ ප‍්‍රදේශවාසීන් පෙරවරු 9 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කළා.

විරෝධතාවයට එක්ව සිටි පිරිස සඳහන් කළේ හම්බන්තොට නොසන්සුන්තාවයේදී භික්ෂූන් වහන්සේට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකින බවයි. ගැටුම සම්බන්ධයෙන් තම ගම්වාසීන් අත්අඩංගුවට ගත් පරිදි පහරදීමට පැමිණි පිටස්තර පුද්ගලයන්ට එරෙහිව ද නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවද විරෝධතාකරුවන් පෙන්වා දුන්නා.

“කසාවතට ගල් ගැසූ නරුම පාලකයන් පන්නා දමමු , යහපාලනය නමින් මැරපාලනයක් රටට උරුම කල ජනවාරි 08,ජනපති -අගමැති රට විකුණන් කති , වෙනස පැතු මිනිස්සුන්ට ලැබුණා අත පය කැඩෙන්නට යන්න විරෝධතා පුවරු රැගෙන භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ විරෝධතාවයට එක්වී සිටියා .

15873340_394109734270859_7836365061532362465_n 15873373_394109787604187_5878059061396609702_n 15894608_394109637604202_8169733136595794126_n 15895407_394109694270863_4609078159621654343_n 15940952_1321506377895812_1407016880046312455_n 15965212_1321506447895805_1112427121981506626_n 15965749_394109770937522_4922519862212105997_n 15966273_1321506391229144_9131013531788271638_n

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...

One comment