Home / Featured / හම්බන්තොට චීනයට දීම පිටුපස මහා විනාශයක් …පරිසර පද්ධතියම අවධානමේ …අද බිජිං නුවර ඉරණම හෙට ලංකාවට අත් කර දෙන්න සිරිසේන -වික්‍රමසිංහ වලි කනවා
renuka-dushyantha_newsalert_09_01_2016

හම්බන්තොට චීනයට දීම පිටුපස මහා විනාශයක් …පරිසර පද්ධතියම අවධානමේ …අද බිජිං නුවර ඉරණම හෙට ලංකාවට අත් කර දෙන්න සිරිසේන -වික්‍රමසිංහ වලි කනවා


හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් හා පවරා දීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට එල්ල කල ප්‍රහාරය පිළිකුල් සහගත බවත් ඒ ප්‍රහාරය මැරයින් යොදා සිදු කල බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා පවසයි .කොළඹ,බ්ලූමැන්ඩල් පෙදෙසින් ,මරදානේ සුදුවැල්ලෙන් , කොළොන්නාවෙන් පාතාල සාමාජිකයන් ගෙන්වා විරෝධතාවයේ නියැළුණු පිරිසට ප්‍රහාර එල්ල කල බව තමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඔහු සදහන් කලා .

ඊයේ (08) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

අදාළ මැරයින් සාමකාමි ලෙස විරෝධතාවයේ නියැළුණු විරෝධතාකරුවන්ට පොලිසියේ ආරක්ෂාව සහිතව ගල් මුල් වලින් පහර දුන් බවත් , ඒ හරහා සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රතිරූපය දැක ගැනීමට හැකියාව ලැබුණ බවද ඔහු කියා සිටියා.

මේ මිනිස්සුන්ට පීඩා කරලා මේ බලාපොරොත්තු වෙන්නේ මේ භූමියේ අයිතිය වෙනත් විදේශිය සමාගම් වලට ලබා දෙන්න . මේ ප්‍රශ්නය බරපතලයි . වරාය නිර්මාණය කිරීමේදී පෙර පැවති රජය කර්මාන්ත පුරයක් සදහා අක්කර 700 ක් වෙන් කරලා තියෙනවා . අවුරුදු දෙකක් ගත වුණා මේ රජය ඇවිල්ලා . එක කර්මාන්ත පුරයක් මේ භූමියේ ආරම්භ කරලා නෑ . අක්කර 700 ට ආයෝජකයන් හොයා ගන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නෑ .

එහෙම තියෙද්දී , අක්කර 15, 000 ක් දීලා ආයෝජකයෝ කොහෙන්ද ගේන්නේ ? මෙයාලා කර්මාන්ත දෙකක් කලා .එකක් වොක්ස් වැගන් ගේනවා කියලා අමු බොරුවක් ඇද බාලා වෙනත් පෞද්ගලික දේශිය කර්මාන්තකරුවෙක් මෝටර් රථ ඇසුරුම් කම්හලක් කියලා ඒකට මුල් ගල තිබ්බා .ඒත් , මහා භාරකරුට පවරන ලද භූමියක නිතී විරෝධි ලෙස එම සමාගමට මේ ඉඩම පැවරුවා .

අපි අහන්නේ මෙච්චරයි දැන් තියන ඉඩම් අක්කර 700 ට ආයෝජකයෙක් හොයා ගන්න බැරි ආණ්ඩුවක් දැන් මේ මිනීමරලා ගන්න අක්කර 15,000 දෙන්නේ කාටද කියලා අපිට බරපතල සැකයක් තියනවා .

පසුගිය දවස්වල විදෙස් මාධ්‍ය වාර්තා කලා බිජිං නගරය සම්පූර්ණයෙන්ම දුමෙන් වැසිලා ඒ වැසියන්ට පවා ජීවත් වීමට තත්වයක් නැතුව තිබුණා . මුළු දහවල් කාලයම අදුරේ පවතින තත්වයකට බිජිං නුවර පත් වෙලා තියෙනවා . සැකයක් තියනවා පරිසර විරෝධි ,පරිසරය දූෂණය කරන චීනයට මොකද ලංකාවේ ආයෝජන කිරීමේ කර්මාන්ත බිහි කිරීමේ අවශ්‍යතාවය චීනයට නෑ . කාරණා දෙකක් තියනවා .අපේ රටේ විදුලි අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්කමක් නෑ අපේ ආණ්ඩුවට . කර්මාන්ත ආරම්භ කරන අවශ්‍ය විදුලිය උත්පාදනය කරලා නෑ අපේ රට . ඒක එක කාරණයක් . අනික මිනිස් ක්‍රමය අපේ මිල අධිකයි . චීනයේ මිනිස් ක්‍රමය ඉතාමත් පල්ලෙහා මට්ටමක තියෙන්නේ . ඒ නිසා මෙහේ ආයෝජනය කරලා කුමන සමාගමකටවත් තමන්ගේ නිෂ්පාදනය ලාබදායි මිලකට නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නෑ .එහෙම තියෙද්දි චීනයට මෙය ලබා දීමට උත්සහ කරනවා නම් බරපතල ප්‍රශ්නයක් මතු වෙනවා බිජිං නුවර සිදුවන පරිසර විනාශය වළක්වා ගන්න ,චීන ජනතාව ආරක්ෂා කර ගන්න චීනය දුෂණය කරන කර්මාන්ත ශාලා වාහම ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති වී තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවී තිබෙනවා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *