Home / Featured / “බුද්ධං සරණං ගච්ඡාමි …පළමු ජල ප්‍රහාරය ,කරණිය මෙත්ත කුසලේන …දෙවන ජල ප්‍රහාරය …සංඝ ආඥාව වළකාලන්න ආණ්ඩුව භික්ෂුන්ගේ ඔළු පලලා …සංස්කරණය නොකල දර්ශන සාක්ෂියි !

“බුද්ධං සරණං ගච්ඡාමි …පළමු ජල ප්‍රහාරය ,කරණිය මෙත්ත කුසලේන …දෙවන ජල ප්‍රහාරය …සංඝ ආඥාව වළකාලන්න ආණ්ඩුව භික්ෂුන්ගේ ඔළු පලලා …සංස්කරණය නොකල දර්ශන සාක්ෂියි !

පසුගියදා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් හා පවරා දීමට එරෙහිව සිදුකල සාමකාමි විරෝධතාවයට ආණ්ඩුව පොලිසිය ලවා එල්ල කර ප්‍රහාරය පිළිකුල් සහගත බවත් , ආණ්ඩුවේ ඒ අශිලාචාර හැසිරීමේ සියළු දර්ශන අප සතුව ඇති බවත් අවශ්‍ය මොහොතේදී ඒ සියල්ල ප්‍රසිද්ධියට පත් කරන බව ,පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

හම්බන්තොට වරාය චීන සමාගමක් හා පැවරීමට එරෙහිව භික්ෂුන් වහන්සේලා විසින් සංඝ ආඥාවක් නිකුත් කිරීමට සූදානම් වුවද ඒ මොහොතේ එය වළක්වාලීමට ආණ්ඩුව පොලිසිය ලවා බොහෝම සැලසුම් සහගතව සාමකාමිව විරෝධතාවයේ නියැළුනු පිරිසට ජල ,සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කල බව ඔහු අවධාරණය කලා .

එසේම මෙම මාධ්‍ය හමුවේදී මන්ත්‍රිවරයා ජනපති පදවි ප්‍රාප්තිය , පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදු කල ප්‍රකාශයක් සහ ෆොක්ස් වැගන් සමාගම සම්බන්ධයෙන්ද අදහස් පල කලා .

පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ කතාවයි .

එදා දෙවසර සහ මෙදා දෙවසර

ඊයේ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මහාමාත්‍ය චන්ද්‍රබාහු නයිදු මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් ජනපතුමන්ගේ දෙවෙනි පදවි ප්‍රාප්තිය උත්සවශ්‍රීයෙන් සමරනවා. ජනපතිතුමන්ට පොඩ්ඩක් වැරදිලා. දෙවන සංවත්සරය යෙදෙන්නේ ඊයේට නෙවේ අදටයි. එතුමන් 2015 ජනවාරි 09 වෙනිදා මළ හිරු බැස යද්දී තමයි ජනපති පදවියේ දිවුරුම් දුන්නේ. ඊයේ දින සිදු වූයේ මැතිවරණය පවත්වා වසර දෙකක් සම්පූර්ණ වීමයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති වී දෙවෙනි පදවිප්‍රාප්ති සංවත්සරය වනවිට මුව රටම උත්සව ශ්‍රීයෙන් ඒක සැමරුවා. කොටි ත්‍රස්තවාදය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට මුළු නැගෙනහිර පළාතම එම ත්‍රස්තවාදයෙන් මුදාගෙන අවසන්. 2007 ජූලි මාසේ තොප්පිගලින් කොටි සංවිධානයේ නැගෙනහිර බලය අවසන් කලා. 2007 නොවැම්බර් 17 වෙනිදයි එතුමන්ගේ දෙවනි ජනපති පදවිප්‍රාප්ති සංවත්සරය යෙදුනේ.
මහින්ද රාජපක්ෂ මහාතා රටේ ජනපති වී දෙවසරක් ගතවෙන කොට ප්‍රේමදාස ජනපතිතුමන්ගේ ඉදන් ඉදිකරන්න උත්සහ දැරුව නමුත් ඉදිකරන්නට නොහැකි වූ ගල් අගුරු බලාගාරය නොරොච්චෝලේ ආරම්භකරලා. ප්‍රේමදාස ජනපතිතුමන්ගේ කාලයේ පටන්ම විරෝධතා නිසා කරගන්න බැරිව ඇන හිටිලා තිබුණු ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරය ආරම්භ කරලා කෙරවළ පිටිය තාප බලාගාරය ආරම්භ කරලා. මුළු රට පුරාම පාරවල් ඇලවේලි ඉදිකිරීම් පටන් ගෙන. ගමේ පාරවල් කොන්ක්‍රීට් වෙද්දී නගරයේ පාරවල් කාපට් වෙන්න පටන් අරගෙන. රටම දියුණු වෙන හැගීමේන් කඩි ගුලක් සේ වැඩ. මේ ආණ්ඩුව වසර දෙකක් ගතවෙලත් ඇගට දැනෙන දෙයක් කරලා නෑ.

ජනපතිතුමන් කියනවා එතුමන්ලා ලද ලොකුම ජයග්‍රහණය 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමයි. මට එතුමන්ගේ දැනුම ගැන දුකයි. මොකද 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තිබුණු චෝදනාව තමයි ඒකෙන් ඒකාධිපතියෙක් බිහිවෙනවා කියන එක. මොකද මේ රටේ පැවති එක් මිත්‍යා මතයක් තමයි විධායක ජනපති දූරය දරමින් අයෙක් ජනපතිවරණයට තරග කළහොත් ඔහුව පරාජය කළ නොහැකි බව. ඒ නිසා ජනපතිදූරයේ සිටින පුද්ගලයා යලි යලි ජනපතිවරණ වලට ඉදිරිපත්වී ජයගනීම හරහා එකම පුද්ගලයා ජනාධිපති දූරයේ දිගින් දිගටම රැදී සිටින ඒකාධිපති පාලනයක් බිහිවේ කියා තමයි 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පැවති චෝදනාව. 2015 ජනවාරි 8 වෙනිදා එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාව මෙරට ජනතාව විසින් ජනපතිවරණයෙන් පරාජයට පත්කර මෙම චෝදනා පුස්සක් බව පෙන්නුවා. ඒ නිසා අප්‍රේල් මාසයේ මෙම 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරණ විට ඒකට තිබුණු බිය ජනතාවගෙන් පහව ගිහින් අවසන්. ඒ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පැවිතියේ මිත්‍යා මතයක් හුබස් බියක් බව රටේ ඔප්පුවෙලා අවසන් .ඒ නිසා 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් රටට දිනා ගත් ජයග්‍රහණයක් නෑ. හානියක් මිසක්.

ඇමරිකානු ව්‍යවස්ථාවේ තමයි මේ ජනාධිපතිවරයෙක් දෙවරකට වඩා ඉල්ලීම සීමා කිරීමේ ක්‍රමය ආවේ. ඇමරිකාවේ මුල් ව්‍යවස්ථාවේත් මෙය අඩංගු වුනේ නෑ. ඇමරිකාවේ අතිශය ජනප්‍රිය ජනපති වරයෙක් හිටියා ෆ්‍රෑන්ක්ලීන් ඩී රෑස්වෙල්ට් (Franklin D. Roosevelt) නමින්. ඔහුයි දෙවන ලෝක යුධ සමයේ ඇමරිකාවට නායකත්වය දෙන්නේ ජයග්‍රහණය කරා. කොටින්ම කියනවානම් මිත්‍ර පිලට නායකත්වය දුන්නේ එතුමන්. ඒ වගේම ඇමරිකාව වැටී සිටි දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සුවිශේෂී කාරයක් ඉටුකරන්නේ එතුමන්. ඒ නිසා ඇමරිකානු ජනතාව මේ වගේ නායකයෙක් ආයේ ලැබෙන් නෑ. මෙවැනි නායකයෙක්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා හිතලා ඉල්ලන හැම පාරම ජනපති කලා. එතුමන් සිව්වන වතාවේ ජනාධිපතිවරණයට එද්දී හිටියේ රෝද පුටුවේ. කකුල් දෙක නෙමේ වැඩ කරන්න ඕන ඔළුව කියලා රෝද පුටුවේ උන්න අපේක්ෂකයාට ජනතාව ඡන්දය දුන්නා. එතුමා හතරවන වතාවේ ජනාධිපති දූරය දරමින් සිටියදී තමයි මිය ගියේ. නැතිනම් එතුමන්ව තව වතාවක් ඇමරිකාවේ ජනපති වෙනවා. රටට වැඩක් කල හැකි පුද්ගලයෙක් දැක්කම උපරිම ප්‍රයෝජනය ගත්තා සීමා පැනවීමකින් තොරව.

ඇමරිකාව ඔය සීමා කිරීම ගෙනාවේ ෆ්‍රෑන්ක්ලීන් ඩී රෑස්වෙල්ට් මහත්තයා හතර පාරක් ජනපති උනාම ඔහුගේ සමකාලීනයන්ට ජනපති වීමේ අවස්තාව නැති වුන නිසයි. ඒ නිසා අනික් අයටත් අවස්ථාවක් දෙන්න ඕන කියන පදනමින් තමයි ඇමරිකානු ව්‍යවස්ථාවට ජනපති දූරය දෙවරක් පමනක් දැරිය හැකි පරිදි සීමා ගෙනාවේ. නැතිව ඒකාධිපති කතාවක් නිසා නෙමෙයි. ඒකාධිපති කතාව බොරුවක් කියන එක 2015 ජනපතිවරණයේදී විධායක බලය සහිත යුද්ධය දිනපු මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යවලා මේ රටේ ජනතාව පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන් තමන්ගේ ජයග්‍රහණයක් විදිහට පෙන්නලා තියෙන්නේ කිසිසේත්ම ප්‍රයෝගිකව අදාල නොවන පුස්සක් කියන එක කණගාටුවෙන් උනත් මතක්කරන්න වෙනවා. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයාව වසර තිස් ගණනක් තිස්සේ එරට ජනතාව අගමැති ධූරයේ රදවා ගත්තා එතුමන්ගේ වටිනාකම නිසා. මැලේසියාවේ මහතීර් මොහොමඩ් ජනපතිවරයා එරට ජනතාව වසරගනනාවක් අගමැති ධුරයේ තබාගත්තා. ඒ තමයි ඒ රටවල් දියුණු වීමේ රහස.

රාජිතගේ පැරණි රසාංග

ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා මේ ආණ්ඩුවේ වගකිව යුතු ඇමති නෙකෙන් මාධ්‍ය ප්‍රකාශක රස්තියාදුකාරයෙක් හැසිරෙන ආකාරයේ කතාවත් රාජ්‍ය උත්සවයකදී කරනවා අපි දැක්කා. එතුමාගේ එක ප්‍රශ්නයකට අපි උත්තර දෙනවා එතුමාගේ ප්‍රකාශයේ තියෙනවා පෙළපාලි යන මිනිසුනේ පලයන් රාජපක්ෂවරුන්ගේ ගෙවල් වලට ඉල්ල ගනිල්ලා හොරකම් කරපු මුදල් කියලා. අපි රාජිත ඇමතිතුමාට කියනවා ඔබතුමාලා ජනාධිපතිවරනයේ දී කිව්වා මෙගාඩීල් ගැන මෙගා බොරු වලට රැවටිලා තමයි ජනතාව ඔබතුමන්ලාට ඡන්දේ දුන්නේ. ඒක නිසා ජනතාවට කියන්න එපා හොරු අල්ලන්න. ජනතාව ජනවරමක් දුන්නේ හොරු අල්ලන්න. රාජපක්ෂවරු හොරකම් කරලා තියෙනව නම් අල්ලලා හිරේ දාන්න නැතුව ජනතාවට කියන්න එපා එහෙම කියන එකේ තේරුම තමයි පහුගිය වසර දෙක තුල පෙනිලා තියෙනවා එහෙම අල්ලන්න හොරකමක් කරලා නෑ කියලා. එහෙම නැත්නම් මෙතුමන්ලා ඒවා වහගෙන ඉන්නවා දෙකෙන් එකක්. එදා මෙගාඩීල් ගැන කතා කරත් වසර දෙකක් වන විටත් සිගිති ඩීල් එකක් පිළිබදවවත් අධිකරණයේ කිසිම චෝදනා ගොනු කරලා නෑ. වාහනයක් වැඩිපුර පාව්ච්චි කලා, මැතිවරණ සමයේ කැරම්බෝඩ්, කොඩි කණු, ජනාධිපතිවරයාගේ රුව සහිත දින දර්ශන සහ ලිත් බෙදුවා මේවා තමයි දාලා තියෙන නඩු. එක සත පහක් හොරකම් කලා කියලා කිසිම නඩුවක් අද වනතුරු ගොනු කරලා නෑ. මේ මේගාඩීල් චෝදනාව බොරුවක් රාජිත ඇමතිතුමනි. ඔය ගීතය පැරණි නාඩගම් ගීතයක්. ඔය ගීතයට ජනතාව චුන් වෙලා වැඩ වරද්ද ගෙන ඉන්නේ. ඒ නිසා නැවත ජනතාව චුන් වෙන්නේ නෑ කියලා අපි රාජිත සේනාරත්න මහතාට කියන්න කැමතියි. රාජපක්ෂවරු හොරු, අපි හොරු අල්ලනෝ කියන පැරණි තේමා ගීතයට ජනතාව රැවටෙන්නේ නෑ. අලුත් කරලා රැප් කරලා අලුත් තේමාවක් ගෙන්න වෙයි. අපි දැක්කා මේ ආණ්ඩුවට වැඩ කරගන්න බැරි වුණාම මාධ්‍ය හමු තියමින් අර පරණ සිංදුව කියමින් ඉන්නේ නැතුව හොරු නම් අල්ලලා දඩුවම් කරන්න තිබුණනේ. අවුරුදු 2ක් යන කම් එකම එක නඩුවක් දාගන්න බැරිවුණ එකේ ලැජ්ජා නැද්ද මේ ප්‍රකාශය යලි යලිත් කරන්න කියලා අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් අහනවා.

හම්බන්තොට ගිණියම් කලේ කවුද?

අපි පෙරේදා මහා සංඝරත්නය පෙරටු කර ගෙන හම්බන්තොට මිලිජ්ජවිල අම්බලන්තොට ප්‍රදේශ වල සාමකාමි සත්‍යග්‍රහයක් කරන්නයි ගියේ. අපේ කාගේවත් අතේ ගල් මුගුරු තිබුණේ නෑ. පෙරමුනේ වැඩියේ මහා සංඝරත්නය. අපේ අරමුණ වුණේ මේ ආණ්ඩුව පුන පුනා කියනවා මාධ්‍යත් වාර්තා කළා. අපි උත්සව භූමියට කඩා පනින්න හැදුවලු. ජනවරමක් නැතුව මා මිත්‍ර සොයිසා ඇමතිතුමාට ඇමතිකමක් දීලා තියෙන්නේ අනිත් අයට ලැජ්ජ හිතෙන කතා ලැජ්ජා නැතුව කියන්න. එතුමා කියනවා නයා වුණත් පෙනේ පිප්පුවේ නැත්නම් මිනිස්සු ගණන් ගන්නේ නෑ, අපිට ආණ්ඩුවක් විදිහට අගමැතිතුමාගේ ආරක්ෂාවට උත්සව භූමියේ ආරක්ෂාවට මර්ධනය කරන්න සිද්ද වුණා. උද්ඝෝෂකයින් උත්සව භූමියට කඩා පනින්න උත්සහා කරපු නිසයි ඒක කරන්න සිද්ද වුණේ. අපි ඉතාමත් වගකීමෙන් කියනවා උත්සව භූමියේ මුල සිට අගට සිටිය කඳුලු ගැස්පාරවල්, ජලප්‍රහාර වැදුණු, තුවාල වුණු පුද්ගලයෙක් හැටියට එතන ඉදලා සජිවීම සියල්ල දැක්ක කෙනෙක් විදිහට කියන්නේ මෙක පට්ට පල් බොරුවක් කියලා. කිසිම උද්ඝෝෂකයෙක්ට උත්සව භූමියට කඩා පැනීමේ අදහසක්වත් තිබුණේ නෑ. අපි කියලා තිබුණද උත්සවය කඩා කප්පල් කරන්න උද්ඝෝෂණයක් පවත්වනවා කියලා. අපේ අදහස වුණේ මහා සඟරුවනේ සත්‍යක් ක්‍රියාවක් කරන්න මේ පින් බිම විකිණිමේ චේතනාවේ ඉන්නේ මේ ආණ්ඩුවේ පාලකයින්ගේ ඒ අදිමිටු චේතනාව පහ වී පින් බිම රකින චේතනාව පහල වේවා කියලා. ඔක තමයි සත්‍යක්‍රියාව. අපි සත්‍යක්‍රියාව කරන තැනට ගියා. එතන බැරියර් දාලා පාර වහලා තිබුණේ. පොලිසි නිලධාරින් එතන හිටියා. අපි එතන නතර වෙලා බිම වාඩි වුණා. අපිට පහර දෙද්දිත් භික්ෂුන් වහන්සේලාත් ජනතාවත් වාඩිවෙලා හිටියේ මාධ්‍ය වල ඒවා සටහන් වෙලා ඇති. අපිට දකුණු පලාතේ දක්ෂිණ ලංකාවේ අනු නායක පුජනීය ඕමාරේ කස්සප හාමුදුරුවෝ පන්සිල් දෙනකොට තමයි පළමු ජල ප්‍රහාරය එල්ල කරන්නේ. උද්ඝෝෂණයක් කරන කොට නෙවෙයි. දෙවැනි ජල ප්‍රහාර එල්ල කරන්නේ උන් වහන්සේ කරණියමෙත්ත සුත්‍රය භික්ෂුන්වහන්සේලා දේශනා කරමින් ඉන්න අවස්තාවේ දී උන් වහන්සේගේ කණට වැදිලා ආ කියලා කියවුණේ අපි එකපාරට ඔළුව උත්සලා බලදද්දි තමයි දැක්කේ උන්වහන්සේගේ කණ ඇතුලට ජල ප්‍රහාරයක් එල්ලවෙලා. උන්වහන්සේ වහාම එතනින් ඉවත් කර ගත්තා. අපි නතර කළේ නෑ. ඊළගට අපි එතෙන්ට ගෙනාවා දේවාගේ ගම ඥානිස්සර මාතර දිසාවේ අධිකරණ නායක හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ ලවා සත්‍යක්‍රියාව කියවමින් ඉන්න අවස්ථාවේ තමයි අපිට තෙවන ජල ප්‍රහාරය එල්ල වෙන්නේ.

මේ ඡායාරූප තියෙනවා පොලීසියට පෙන්නේ නෑද්ද. මේ මිනිස්සු බිම වාඩිවෙලා වැඳ ගෙන ඉන්නේ කිසිම ප්‍රචණ්ඩත්වයක් නෑ කියලා. උත්සවයට බාධාවක් නෑ කියලා. විශේෂයෙන්ම ජල ප්‍රහාරය එල්ල කරන පුද්ගලයා ඉන්නේ අඩි 20ක් විතර උසකින්. ඉතාමත් හොදට පේනවා මෙතන සිද්ද වෙන්නේ සමකාමි ආගමික වැඩසටහනක් කියලා. ඔවුන්ට ඕන වුණේ සංඝ අඥාව නිකුත් කරන එක වළක්වන්න. සත්‍යග්‍රහය සිද්ධ කරනවා මාධ්‍ය වල විකාශය වීම නවත්ත ගන්න. ඒ දුෂ්ඨ චේතනාවෙන් තමයි ප්‍රහාරය එල්ල කළේ. මුලින්ම හිටියේ භික්ෂුන්වහන්සේලා එහා පැත්තේ හිටිය ආණ්ඩුවේ මැරයෝ එව්ව ගල් භික්ෂුන් වහන්සේලාට වැඳුණා. ඒනිසා තමයි භික්ෂුන් වහන්සේලාගේ ඔළු අත් තුවාල වුණේ. ඒවගේම පොලිසි නිලධාරින් අපි මුහුණු අදුරගෙන ඉන්නේ කළු සපත්තු දාලා භික්ෂුන් වහන්සේලාට පා පරවල් එල්ල කරපු නිලධාරින්. දැන්ම නම් එළි කරලා ඔවුන්ව වීරයන් කරන්න අවශ්‍ය නෑ. අවශ්‍ය මොහොතට අපි ඒවාට ක්‍රියාමාර්ග ගන්නම්. ඒ කාළේ උඩුගම්පොල මහත්තයා වැරදියි කියලා අධිකරණයෙන් දඩයක් නියම කලාම එජාප ආණ්ඩුව තීරණය කලේ දඩය ආණ්ඩුවේ වියදමින් ගෙවලා ඔහුට උසස් වීමක් දෙන්න. දර මැටිපොල රතනසාර හාමුදුරුවන්ට ගහපු නිසා තමයි සහකාර පොලිස් අධිකාරි උඩුගම්පොල පොලිසි අධිකාරී උඩුගම්පොල වුණේ. ඒ වගේම විවියෙන් ගුණවර්ධන මැතිනියට පහර දුන් නිසා තමයි පොලිස් අධිකාරී උඩුගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උඩුගම්පොල වුණේ. නමුත් මතක තියා ගන්න අපේ ඡයාරූප ගන්න ආව බුද්ධි අංශයේ ඡයාරූප ගන්නත් අපිත් පිරිසක් යොදවලා හිටියා. වෙච්ච සියල්ලෝම අපේ ළග ඡායාරූප තියෙනවා. අනාගතයේ ජනතාවාදී ආණ්ඩුවක දී මේ අශිලාචාර ලෙස නීති විරෝධි ලෙස එජාපයේ බත් බැලයන් ලෙස හැසිරුණු පොලිස් නිලධාරින්ට අනිවාර්යයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක කරනවා.

දැන් හැමෝම කියනවා අපි ඇවිල්ලා උත්සවය කඩාකප්පල් කරන්න හැදුවා කියලා. අපි ඇවිල්ලා ගල් ගැහුවා. මම ආරාධනා කරනවා ආණ්ඩුවේ අගමැතිතුමාට හිරු නාලිකාවේ කැමරා කුරුල්ලා නැත්නම් Drone Camera වේ තිබුණු දත්ත ගබඩාව නැත්නම් චිප් එක මේ අය පැහැර ගෙනයි ඉන්නේ ඒක සංස්කරණය නොකර මාධ්‍ය හමුවකදී විකාශය කරන්න අහසින් අරගෙන තියෙන නිසා ගල් අවේ කොහෙන්ද ගල් එවුවේ කව්ද? ඒක පිටුපස සිටිය ඒජාප මන්ත්‍රීවරු කව්ද? අපි මැරයෝ අදුරන්නේ නෑ. මම පෞද්ගලිකවම කතා කලා චන්දිම ගමගේ මන්ත්‍රිතුමා සහ නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා මැරයන් ගෙනැල්ලා පොලු සමග වෑන් එකෙන් බස්සන කොටයි මම දැක්කේ. මම දැක්කා බව පෙන්වන්නයි ලගට ගිහිල්ලා අතට අත දීලා කතා කළේ චන්දිම ගමගේ මන්ත්‍රිතුමා එක්ක.

හම්බන්තොට ජනතාව කොළඹින් ආපු මැරයන්ට පක්ෂ හේද පසෙක ලා පහර දුන්නා. මොකද මේක හම්බන්තොට ජනතාවගේ අභිමානය ගැන ප්‍රශ්නයක්. මේ වැරැද්ද මීට ආණ්ඩුව 1982 දීත් කලා. මුල්කිරිගල අතුරු මැතිවරණයේදී කොළබින් ගෙන ගිය මැරයන් යොදා දකුණේ ජනතාවට පහර දුන්නා. පක්ෂ බේද පැත්තක තියලා දකුණේ ජනතාව කොළඹ මැරයන්ට මාතර කෝට්ටේ ගොඩට යනකම් පහර දුන්නා.
මෙවැනි ව්‍යාකූල තත්වයකට මේ ආණ්ඩුව වගකියන්න ඕනෑ. ජනපතිතුමන් කියද්දී කිසිම ගිවිසුමක් අත්සන් කරලා නෑ කියලා, රාජිත සේනාරත්තන ඇමතිතුමන් කියනවා හෙට අපි ගිවිසුම අත්සන් කරලා වැඩේ පටන් ගන්නවා කියලා. සුජීව සේනසිංහ ඇමතිතුමන් මහනායක හිමියන් ගාව වැද වැටී කියනවා හාමුදුරුවනේ අපි හෙට ගිවිසුම අත්සන් කරනවා කියලා. අපි අක්කර 15 000 ගන්නවා කියලා. අගමැතිතුමන් කියනවා එවැනි අක්කර 15 000 කතාවක් නෑ කියලා. ඒ අතරේ අර්ජුන ඇමතුමන් කියනවා රාමුගත ගිවිසුම ලේකම් වරුන් අත්සන් කලා අනේක ගිවිසුමට තවම අත්සන් කරන්න දිනයක් නෑ කියලා. මලික් සමරවික්‍රම ඇමතිතුමන් කියනවා අපි අත්සන් කරන්න හිටියේ. නමුත් දැන් දැන නියමයක් නැතිව කල් දැම්මා කියලා. මේ අය තැන් තැන්වල විවිධ ප්‍රකාශ කලත් මේවා ජනතාව රූපවාහිනියෙන් දකින්නේ එකවර.මේ කතා වලින් මොකක්ද ඇත්ත. ඉස්සර නම් ජනපතිතුමන්ගේ ප්‍රකාශය විශ්වාස කරන්න කියලා කියන්න තිබුනා. දැන් ඒකත් බෑ . මොකද ජනාධිපතිතුමන් විදේශ විනිසුරන් ගේන් නෑ කිව්ව්ම මංගල සමරවීර ඇමතිතුමන් කියනවා එක් එතුමන්ගේ පුද්ගලික මතය කියලා.
නැතිව රජයේ නිල මතය නෙමෙයි කියලා. ජනාධිපතිතුමන් ඇවිත් කියනවා එහෙම දෙයක් වෙලාද මං දැන ගත්තේ පත්තරෙන් කියලා. අගමැති තුමත් එහෙමයි.

ෆෝක්ස්වෑගන් ගේනවා කිව්වේ කවුද?

දැන් බොරුවක් කියලා අහු උනාම ජනතාව ඒකට කියන්නේ රනිල් ෆොක්ස් වැගන් ගෙනාවා වගෙයි කියලයි. එතුමන් කියන්නේ වොක්ස් වැගන් කියලා. නමුත් එහෙම සමාගමක් නෑ. තියෙන්නේ ෆොක්ස් වැගන් සමාගමයි. එම සමාගම නිල වශයෙන්ම කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ආයෝජන කරනවා තියා ඒ ගැන ආණ්ඩුවේ කිසිවෙකු සමග කතා කරලවත් නෑ කියලා. එතකොට අගමැතිතුමන් කියනවා ඉතින් කවුද ෆොක්ස් වැගන් එනවා කිව්වේ කියලා. නමුත් 2015.12.19 පාර්ලිමේන්තුවේ මා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මලික් සමරවික්‍රම ඇමතිවරයා කියනවා, කුලියාපිටියේ ෆොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට. ඒ වගේම අගමැතිතුමන් පසුගිය නොවැම්බර් මාසයේ සිය රාමුගත ප්‍රථිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියනවා ෆොක්ස් වැගන් කුලියාපිටියට එනවා කියලා. අය වැය විවාදයේදී අකිල විරාජ් ඇමතිතුමන් කියනවා ජනවාරි මාසය වන විට ෆොක්ස් වැගන් කම්හල කුලියාපිටියට එන බව ප්‍රකාශ කරනවා.

ඒ නිසා ෆොක්ස් වැගන් කම්මහල ලංකාවට එන බව කව්ද කිව්වේ කියලා අගමැතිතුමන්ට දැනගන්න ඕනෑනම් ඒ කිව්ව එකාට දෙකක් නෙලන්නත් අවශ්‍යනම් කන්නාඩියක් ඉදිරිපිට ගිහින් කිව්ව කෙනා දැකබලාගන්න කියලා අපි එතුමන්ට කියනවා.

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...

One comment