Home / Featured / ජනතාවට බදු ගසා මුදල් ඇමති රවි ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමතියා වෙයි !
rawee_newsalert_10_01_2016

ජනතාවට බදු ගසා මුදල් ඇමති රවි ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමතියා වෙයි !


ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙනවා.මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’සඟරාව විසින්.

රවි කරුණානායක විසින් , බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් අධ්‍යනය කරමින් , ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ඔහු පත්වී තිබෙනවා .රවී කරුණානායක කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ.

මේ අතර විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක කටයුතු කර ඇති ආකාරයද  ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී ඇත .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_21_02_2016

සරල ජනපති යන උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 96 ක් …සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාවේ සම්මතයි …ලක්ෂ 105 ක වියදමින් මහා උත්සවයක් !

ලබන මාර්තු 13 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ...