Home / Featured / රාජපක්ෂ යුගයේදී මෙරට එකදු කර්මාන්ත ශාලාවක් ආරම්භ කලේ නෑ -වැඩ කාරයෝ අපි !

රාජපක්ෂ යුගයේදී මෙරට එකදු කර්මාන්ත ශාලාවක් ආරම්භ කලේ නෑ -වැඩ කාරයෝ අපි !

චීන සමාගමේ ආයෝජනයක් හම්බන්තොට සිදු නොවන්නේ නම් අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සදහා බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට සිදුවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .

චීන සමාගම හම්බන්තොට ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 1.1ක ආයෝජනයක් සිදුකරන බවත් එම ආයෝජනය වැළැක්වී යන්නේ නම් රජය අපේක්ෂා කරන ආදායම මෙරට ජනතාව මගින් උපාය ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා කීවේය.

මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය සංවිධාන කළ අන්තර්ජාතික ශිෂ්‍ය දින සැමරුම් උත්සවය මහවැලි රීච් හෝටලයේදී පැවැති අතර එම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය පාලන සමයේදී එකදු කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු බව කී අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ සිදුකළේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ කර්මාන්තශාලා තුන්සියයයෙන් එකසිය පනහක් වසා දැමීමට කටයුතු කිරීම යැයි කීවේය.

දැඩි ආර්ථික ණය බරක හිරවී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදා ගැනීමට නම් විදේශීය ආයෝජන මෙරටට අත්‍යවශ්‍ය බවත් ඒ සදහා සියල්ලන්ගේම සහයෝගය අවශ්‍ය වන බව ද ඔහු කීහ. නමුත් ඒකාබද්ධ විපක්ෂය නිරන්තරයෙන්ම සිදුකරන්නේ රජයේ වැඩපිළිවෙල කඩා බිද දැමීමට යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය රජයේ අවිධිමත් මුදල් කළමණාකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලකට හසුවුණා. අප රජය කටයුතු කරන්නේ රට ඉන් මුදාගෙන සංවර්ධිත රටක් බවට පත් කිරීමටයි.

සෑම ප්‍රාදේශීය ලේකම් කර්යාලයකම එක් කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කොට එකකින් රැකිය පන්සියයක් ලබා දෙන බව බලයට පත්වන විට මහින්ද රාජපක්ෂ කීවත් ඔහුට එක් කර්මාන්තයක්වත් ආරම්භ කිරිමට හැකිවුණේ නැහැ. ඒ වෙනුවට ඔහු සිදු කළේ රටේ තිබුණු ඇගලුම් කම්හල් ඇතුලු විවිධ කර්මාන්ත ආයතන වසා දැමීමට කටයුතු කිරීමයි.

චීනය සමග මුලින්ම ගනුදෙනු කළේ එක්සත් ජාතික පක්ෂයයි. සහල් රබර් ගිවිසුමක් එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේ වර්ෂ 1950 ගණන් වලදී ක්‍රියාත්මක කළාග අද අපි චීනය සමග සුහදව කටයුතු කරන විට බලය නොමැති ඒකාබද්ධ විපක්ෂයට එය දරා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසයි රජය කරන වැඩපිළිවෙල කඩාකප්පල් කර දැමීමට උත්සහ දරන්නේ.

(නදීක දයා බණ්ඩාර )

Check Also

සති ගාණක පටන් මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර පිට ප්‍රහාර … මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ …රජය සීරුවෙන් !

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල ...

One comment