Home / Featured / යහපාලනයට එරෙහි සංඝයා එකට එක්වේ …මෙතැන් පටන් රජයේ සියළු උත්සව වර්ජනය කරන්න සූදානම් වෙති !
thero_newsalert_10_01_2016

යහපාලනයට එරෙහි සංඝයා එකට එක්වේ …මෙතැන් පටන් රජයේ සියළු උත්සව වර්ජනය කරන්න සූදානම් වෙති !


හම්බන්තොට වරාය චීන සමාගමකට පවරා දීමට එරෙහිව සිදු කල උද්ඝෝෂණට රජය විසින් ප්‍රහාර එල්ල කිරීම පිළිකුල් සහගත බවත් , මේ නිසා භික්ෂූන් වහන්සේලා රාජ්‍ය උත්සව වර්ජනය කල යුතු බව , රුහුණු රට භික්ෂු පෙරමුණ පවසයි .ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් , හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් , පූජ්‍ය ඉත්තදෙමලියේ ප්‍රඥාරතන හිමි පැවසුවේ රජයක් භික්ෂූන් වහන්ස්සේලාටත් පහර දෙනවා නම් ඒ සම්බන්ධයෙන් අලුතෙන් යමක් කතා කිරීම අවශ්‍ය නැති බවයි . මේ රට විකුණන න්‍යාය ප්‍රතිපත්තියට එරෙහිව එදා මහා සංඝරත්නය සාමකාමිව විරෝධයේ නියැළුණු බවත් , ඒ මොහොතේ සංඝ ආඥාවක් නිකුත් කිරීමට භික්ෂුන් වහන්සේලා සූදානම් වන මොහොතේදී , ආණ්ඩුව පොලිසිය ලවා මෙලෙස භික්ෂුන් වහන්සේලාට පවා පහර දුන් බවයි උන්වහන්සේ කියා සිටියේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් , වලස්මුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛාධිකාරි පූජ්‍ය ගලහිටියේ සෝරත හිමි පැවසුවේ ,

“මේ ආණ්ඩුව මේ දේ සිද්ධ කලේ , ඒ අයගේ යටි අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා . එදා දවසේ ඒ ප්‍රදේශයේ හිටපු අහිංසක දුවා දරුවන්ට අම්මා ,තාත්තාට ,වයසක ඇත්තන්ට සිද්ධ වුණ දේ අපි ඇහින් දැක්කා . පුංචි දරුවෝ හුස්ම ගන්න බැරුව ඇඩුවා .දිගින් දිගටම ගෙවල් වලට මහා මාර්ගයට හැම තැනටම කදුළු ගෑස් ප්‍රහාර එල්ල කලා.

නමුත් මේකෙන් ඒ අය බලාපොරොත්තු වුණා මේ රජයේ තියන අවශ්‍යතාවය ඉෂ්ඨ කරන්න.

එහිදි අදහස් දැක්වූ වලස්මුල්ල අභිනවාරාමය විහාරාධිපති පූජ්‍ය බෙලිඅත්තේ ඕලාර ආනන්ද හිමි ,

මිනිස්සු දෙන බත් ඇටය වළදලා හාමුදුරුවනේ ඔබවහන්සේලා පන්සලට වෙලා ඉදපල්ලා කියන තත්වයට අද නායකයෝ අපිව සමච්ඡලයට ලක් කරන්නට අපිව නිහඩ කරන්නට නොයෙක් ආකාරයෙන් වෙර දරන යුගයක් වෙනවා .මේ ප්‍රදේශයේ අපිට මග පෙන්වන නායක හාමුදුරුවරු නිහඩ කරලා තිබෙනවා . උන්වහන්සේලා මිණිවත රකින තත්වයට පත් කරලා තියෙනවා .

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

NAMAL_K_SINHALA_NEWSALERT

මත්තල ගබඩාවේ වී අරක්කු වලට-මෙන්ඩිස් සමාගම ගැන නාමල් හෙළිදරවු කරයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් ඇලෝසියස් සමග එක්ව ජනතාවට ආහාරයට ගැනීමට ඇති සහල් තොග මගින් අරක්කු ...

One comment