චන්ද්‍රිකා පරදන්න රනිල් කල වැඩක් ගැන චන්ද්‍රිකාම කියයි

0

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වර්තමානයේ ගෙන ඒ මට සූදානම් වනුයේ තමා ජනාධිපතිවරිය ලෙස එදා ගෙන එනු ලැබූ, එවකට විපක්ෂනායකවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ‘එපා කියා විසිකර දැමූ’ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

ජාතික සමගිය හා සංහිඳියා විමර්ශන කාර්යාංශයේ ඊයේ (10 පැවැති මාධ්‍ය හමුව අමතමින් හිටපු ජනපතිනිය පවසා සිටියේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහිත තමන් ගෙනා ව්‍යවස්ථාව රනිල් වික‍්‍රමසිංහ එවකට ප‍්‍රතික්ෂේප කළේ තම පක්ෂය යළිත් වරක් මැතිවරණය ජයගනු ඇතැයි යන බියෙන් සිටි නිසා බවයි.

“ඒ තමයි සහෝදරයා කියන්නේ මිනිසාගේ චරිතය කියලා. එදා එපා කිව්ව ව්‍යවස්ථාව තමයි අද ඔය රනිල් වික‍්‍රමසිංහ ගේන්න හදන්නේ. එදා ඒක එපා කිව්වේ අපේ පක්ෂය යළිත් දිනාවි කියන බයට. මම තව ටිකක් කල් ජනාධිපති වෙලා ඉඳී කියන බයට. අන්තිමට එ්ගොල්ලෝ බලයට ගේන්නත් මම නායකත්වයකුත් අරගෙන උදව් කරලා අගමැතිත් කරලා තවත් අය ජනාධිපති කරලා මම එදා කිව්ව එක එ්ගොල්ලෝ දැන් කියනවා. ඔය කාලසීමාව ඇතුළත අවුරුදු 20ක් තිස්සේ රට විනාශ වුණා. දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් ඇතුළුව බොහෝදෙනෙක් පිළිගන්නවා එදා එ්කට සහාය දුන්නා නම් හොඳයි කියලා. ඔවුන් එ් වැරැද්ද පිළිගන්නවා. දැන්වත් පිළිගන්න එක ලොකු දෙයක්නේ.”