Home / පුවත් / පොලිසිය නිතීය නමන්න ගොස් අධිකරණයේදී ඇණ ගනී !

පොලිසිය නිතීය නමන්න ගොස් අධිකරණයේදී ඇණ ගනී !

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරාට එරෙහිව කොළඹ වංචා විමර්ශන ඒකකය මගින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කර තිබූ පැමිණිල්ලකට අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබද නඩු විභාගය ඊයේ විභාගයට ගත් අතර රේණුක දුශ්‍යන්ත පෙරේරා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් සිටියදී , පල කරන ලද පුවත්පත් දැන්වීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ නඩු සංග්‍රහය යටතේ පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර එම නඩුව සහ අපේක්ෂිත ඇප අයදුම්පත එදිනම විභාගයට ගත් අතර සිවිල් සංග්‍රහා නිතීය යටතට ගැනෙන කාරණයක් සම්බන්ධව අපරාධ නඩු සංග්‍රහය යටතේ නඩු පැවරුවේ කුමන පදනමකින්දැයි ප්‍රශ්න කල මහෙස්ත්‍රාත්තුමිය මෙම සිද්ධිය සම්බන්ධව අදාළ විත්තිකරු පරීක්ෂණ සදහා කැදවීම් කල අවස්ථාවල පොලිස් පරීක්ෂණ සදහා සහභාගි නොවන බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද මෙම විත්තිකරු පරීක්ෂණ ආරම්භයේදීම ප්‍රකාශයක් ලබාදී ඇති බවත් , පොලිසිය විසින් කැදවන ලද දැනුම්දීමකට අනුව ඔහුගේ නීතිඥවරුන් විසින් ලිඛිතව වෙනත් දිනයක් ඉල්ලා ලිපියක් ලබාදී ඇති බවද අද දිනද අධිකරණය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී තිබෙන බවත් , එසේ තිබිය දී පොලිසිය මේ නඩුව සම්බන්ධව අසත්‍ය තොරතුරු වාර්තා කරමින් මේ තරම් උනන්දු වන්නේ ඇයි දැයි විවෘත්ත අධිකරණයේදී මහෙස්ත්‍රාත්වරිය පොලිසියෙන්  ප්‍රශ්න කරන ලදී .

මෙහෙදි විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ ජේෂ්ඨ නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහෙස්ත්‍රාත්තුමියට කරුණු දක්වමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාපතිවරයා ලෙස දැන්වීම් පල කිරීම හෝ මුදල් ගෙවීම සභාපතිවරයාගේ කටයුත්තක් නොවන බවත් 2015 ජනවාරි 08 න් පසු ඔහු සභාපති ධූරයෙන් ඉවත්වී ඇති බවත් ,එසේ තිබි යදී මෙවැනි චෝදනා ගොනු කිරීම දේශපාලන කාරණා මත පලි ගැනීමක් බවත්,  ඔහු  වර්තමානයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙස පත් වීමෙන් අනතුරුව පොලිසිය මෙසේ  ක්‍රියා කරන බවත් ,ගරු අධිකරණයට විත්තිකරුගේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී .

මේ සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත විත්තිකරු මුදා හරින ලෙසත් සිවිල් විධි විධාන නඩු සංග්‍රහය යටතේ හා  අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ ගැනෙන කරුණු කවරේද යන්න පොලිසිය සැලකිලිමත් විය යුතු බවත් මේ ආකාරයට පුද්ගලයින්ට එරෙහිව නඩු ගොනු කිරීමේදී කටයුතු කල යුතු ආකාරය පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්තුමිය අවධාරණය කල අතර  මාර්තු මස 01 වන දින නඩුව කල් තබනු ලැබුවා.

Check Also

මේ හැමදේම කලේ බැසිල් රාජපක්ෂයි- MSටයි MRටයි එකම ආණ්ඩුවක ඉන්න පුළුවන් නම් දැන් මොකද්ද ප්‍රශ්නේ

උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙක් පත් වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ...