Home / Featured / මහ බැංකු වංචාව – අගමැති රනිල් ජම්පරයක් අන්දවා හිරේ යවනවාමයි !
WEERAKUMARA_LNA_12_01_2016

මහ බැංකු වංචාව – අගමැති රනිල් ජම්පරයක් අන්දවා හිරේ යවනවාමයි !


වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ හිරේ යැව්වා හා සමානවම අගමැති රනිල් වික්‍රමසිංහද මහ බැංකු බැදුම්කර වංචාවට අනුබල දීම සම්බන්ධයෙන් කෙදිනක හෝ සිරගත කරන බව ,ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසයි . ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කෝප් කමිටු වාර්තාවේ අගමැති රනිල් වික්‍රමසිංහ එම වංචාව සිදු කිරීමට අනුබල ලබා දුන් බවට ලිඛිත සාක්ෂි ඇති බවත් , විමල් වීරවංශද මෙලෙස වංචාවකට අනුබල දීම නිසා හිරේ දැමුවේ නම් අගමැති රනිල්ටද එය පොදු කාරණාවක් බව , මන්ත්‍රිවරයා අවධාරණය කලා .

මේ සම්බන්ධයෙන් නිසි ආකාරව පරීක්ෂණ සිදු කරන්නේ නම් , අගමැති රනිල් ප්‍රමුඛ මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයම සිර ගෙවල් වල සිටිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. බැදුම්කර වංචාවේ පරීක්ෂණ අවසන් වන දිනයට අගමැති රනිල් ජම්පරය අදින්න සූදානම්ව සිටින ලෙසටත් , ඔහු පැවසුවා .

වරදක් කර ඇත්නම් අධිකරණය හමුවේ හිස නැමීමට අප ඕනෑම මොහොතක සූදානම් බවත් , දේශපාලන දඩයම් කිරීම අරමුණ කර ගනිමින් මෙවැනි ආකාරයේ සිරගත කිරීම් සදහා අප එකග නොවන බවත් විමල් වීරවංශ සිරගත කර ඇත්තේ හුදෙක්ම දේශපාලන පලි ගැනීමක් නිසා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *