Home / Featured / මීළග ජනාධිපතිවරණය 2021 දී …ශ්‍රිලනිප අපේක්ෂකයා ජනපති සිරිසේනමයි …සිරිසේනගෙන් තොර නායකයෙකු ගැන සිතනු බෑ !
MY3_LNA_12_01_2016

මීළග ජනාධිපතිවරණය 2021 දී …ශ්‍රිලනිප අපේක්ෂකයා ජනපති සිරිසේනමයි …සිරිසේනගෙන් තොර නායකයෙකු ගැන සිතනු බෑ !


මීළග ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021 දී බවත් , එහිදීද ශ්‍රිලනිප නියෝජනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසට මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් විය යුතු බවට ශ්‍රිලනිපය ඒකමතිකව තීරණය කර ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා . ඊයේ (11) ශ්‍රිලනිප ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

මේ මාධ්‍ය හමුව සදහා , ෆයිසර් මුස්තාෆා සහ විජිත් විජයමුණි සොයිසාද එක්වී සිටියා . ඔවුන් දිගින් දිගටම දැඩි ලෙස කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රිලනිපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන බවයි .

මේ අතර හම්බන්තොටදී පසුගියදා පැවති විරෝධතාවය සම්බන්ධයෙන්ද ඇමති විජිත් විජයමුණි සොයිසා අදහස් පල කලා .ඔහු කියා සිටියේ ,තමන් එදින තමන්ගේ ජිවීතය බේරා ගත්තේ ඉතාම අමාරුවෙන් බවයි . විරෝධතාකරුවන් ගෙවල් අස්සෙන් පැමිණි බවත් , තමා එදින ඒ විරෝධතාකරුවන්ට හසුවූවා නම් “අප්පච්චි මළෝ ” යැයි කියූ නිසා තමා ඉතුරු කරන්නේ නැති බවද ඔහු සදහන් කලා .

තමා අදාළ රැස්වීම් භූමියට ගියේ කැලෑ පාරකින් බවත් මුලින්ම ප්‍රහාර එල්ල කලේ විරෝධතාකරුවන් බවත් පසුව එතැන සිටී පිරිසද ප්‍රතිප්‍රහාර එල්ල කල බවද ඔහු සදහන් කලා . ඇතැම් ස්වාමින් වහන්සේලාගේ හැසිරීම අනුමත කල නොහැකි බවත් “ශ්‍රමණ වේශ ධාරින් ” පිරිසක් ඉතාමත් නොසන්සුන් ලෙස මෙතැන කලබල කල බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මීලග ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කලා .

මාධ්‍යවේදීන් විමසා සිටියේ “ජනාධිපතිතුමා බලයට එන්නේ එතුමා එක ධූර කාලයයි ජනාධිපති ධූරයේ කටයුතු කරන්නේ කියලා ?”  යැයි ප්‍රශ්න කලා .

ඒ සදහා පිළිතුරු ලබා දෙමින් දයාසිරි ජයසේකර කියා සිටියේ ඒ මතය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මතය බවයි . මෙය ශ්‍රිලනිපයේ මතය බව ඔහු වැඩිදුරටත් සදහන් කලා .

මෙය මධ්‍යම කාරක සභාවේ තීරණයක් බවත් එය ප්‍රතික්ෂේප කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකියාවක් නැති බව ඇමති විජිත් විජයමුණි සොයිසා කියා සිටියා . ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එජාප ඡන්ද පමණක් නොව ශ්‍රිලනිප ඡන්දත් හිමිවූ බවත් , මේ මොහොතේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා උච්චායනය වෙමින් පවතින බවද ඔහු සදහන් කලා .

මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේදී කටයුතු කල යුත්තේ රටේ ජනාධිපතිවරයා වශයෙන් නොව ශ්‍රිලනිප නායකයා ලෙස බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවා .

මේ මොහොතේ ශ්‍රිලනිප ජනාධිපතිවරණයට තරග කල හැකි කිසිදු නායකයෙකු නැති බවත් ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඇමති දයාසිරි ජයසේකර දිගින් දිගටම පැවසුවා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *