Home / Featured / විල්පත්තු වන සංහාරය තවදුරටත් …සංඝ සම්මේලනයෙන් චෝදනා

විල්පත්තු වන සංහාරය තවදුරටත් …සංඝ සම්මේලනයෙන් චෝදනා

විල්පත්තු විලත්තෙයිකුලම් වන සංහාරය මේ වන විටත් සිදු වෙමින් පවතින බවට ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් පූජ්‍ය සුමනරතන හිමි අනාවරණය කරනවා .ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් උන්වහන්සේ මේ බව සදහන් කලා .

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් පූජ්‍ය සුමනරතන හිමි ,

පසුගිය රජයේ ඉදන්ම මේ විල්පත්තු සංහාරය ගැන ගැටළු තිබුණා .මේකට තාමත් විසදුමක් ලබා දෙන්න රජය අපොහොසත් වෙලා තියෙනවා .

අපි දුරකථන ඇමතුමක් දීලා හොයලා බැලුවා ,විලත්තෙයිකුලම් කියන ප්‍රදේශය මේ වෙනකොටත් කපනවා . අපි පන්සලකට හරි කෝවිලකට හරි දේවාලයකට හරි කොස් ගහක් කපන්න ඕන නම් , අපි බලපත්‍රයක් ලබා ගෙන තමා ඒක කරන්නේ .

එක ගහක් කපන්නත් අපි කටයුතු කරනවා නම් ,රටේ නිතීයට හිස නමලා මේ එක ඇමතිවරයෙකුට කොහොමද හයියක් ආවේ මේ තරම් මහා විනාශයක් සිද්ධ කරන්න .

අද වෙනකොට අක්කර 1300 කට වැඩිය කපලා දාන්න මේ ඇමතිතුමාට පුළුවන් වෙලා තියෙනවා . එතුමා දැන් කිඹුල් කදුළු හෙලනවා යුද්ධයෙන් බැට කෑ ජනතාවට ගෙවල් දෙන්න තමා මේ කටයුතු කරන්නේ කියලා . ඒ ජනතාවට ඉන්න තැනක් දෙන්න ඕනෑ නම් එතුමාට වඩා අපි සංවේදි . මොකද අපි හාමුදුරුවරු . ඒ ඇත්තන්ට ඉන්න තැනක් නෑ කියලා ජාතික සම්පත් විනාශ කරලා ඒ විදියට ඒ ඇත්තන්ට කටයුතු කරන්න දෙන්න පුළුවන්කමක් නෑ .

ඒ අනුව ජාතික සංඝ සම්මේලනය වශයෙන් මේ රජයට බලපෑම් කරනවා රිෂාඩ් බදියුදීන් වැනි ඇමතිවරුන්ට ඕනෑ ඕනෑ විදියට මේ රටේ වැඩ කරන්න දෙන්නට නෙමේ ඔබතුමන්ලාව මේ රටේ ජනතාව පත් කලේ .

Check Also

ආණ්ඩුවට එරෙහි මහා කැරැල්ළක් … සියළු බෞද්ධ සංවිධාන එකම ගමනක

වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ජාතික සංවිධාන නියෝජනය කරන නායක භික්ෂූන් වහන්සේලා ...