Home / Featured / සංසාරයේ පතා ආ බැදිම වකුගඩු බද්ධයෙන් බද්ධ වු හැටි ..

සංසාරයේ පතා ආ බැදිම වකුගඩු බද්ධයෙන් බද්ධ වු හැටි ..

වකුගඩු ආබාධයක් නිසා මරණාසන්න තත්ත්වයේ සිට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු ආධාරයෙන් ජීවිත වරම් ලබාගත් තරුණයෙකු හා තරුණියක අද (19) දිනයේ සිය ජීවිතයේ නවතම අවස්ථාවකට එළඹුණෝය.

වකුගඩු ආබාධය සදහා මහනුවර මහ රෝහලින් ප්‍රතිකාර ගනිමින් සිටි මෙම තරුණියට හා තරුණයාට ජීවන වරම් ලැබුණේ මොළය මිය ගිය දෙදෙනෙකුගේ වකුගඩු සැත්තමක් මගින් වෛද්‍යවරුන්ගේ කැපවීම මත තමන්ට උරුම කර ගැනීමට හැකිවූ නිසායා.

දෙහිඅත්තකණ්ඩිය දමනේවෙල පදිංචි නිමාලි නේරංජලා තරුණිය වර්ෂ 2004දී මහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් සිය සැත්කම කර ඇති අතර මහනුවර අම්පිටියේ පදිංචි චාමර ඉදුරුව තරුණයා එම ඒකකයෙන් සිය සැත්කමට භාජනය වී ඇත්තේ වර්ෂ 2005දී ය.

තමන්ට ජීවත්වීමට වරම ලැබුණේ කවුරුන්ගේ වකුගඩුවෙන් දැඩි මෙම දෙපල නොදන්නා අතර ඒ කවුරුවුවත් සෑම දිනකම සෑම අවස්ථාවකම ඔවුන්ට පිං දෙන බවවිවාහ දිවියට ඇතුළත් වූ චාමර තරුණයා පැවසීය.

සැත්කමින් අනතුරුව මහනුවර මහ රෝහලේදී පැවැත්වෙන වකුගඩු සායන සදහා සහභාගීවිය යුතු අතර එහිදී මේ දෙනෙනා හදුනා ගැනීමක් සිදුවිය. කල්යත්ම එය පෙම් සබදතාවක් බවට පත්වූ නමුත් ඇය මුලදී විවාහයට අකමැතිවී සිටි බවත් එම තරුණයා පැවසීය.

නමුත් අසනීප තත්ත්වය ක්‍රමයෙන් සුවවූ පසු යුග දිවියට කැමැත්ත පළ කළ නිමාලි නේරංජලා තරුණිය සිය ඥාතීන්ගේ හා හිතවතුන්ගේ සුභපැතුම් මැද අම්පිටියේ පිහිටි චාමර ඉදුරුව මහතාගේ  නිවසේදී ඔහු සමග යුග දිවියට එළැඹිණි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

vlcsnap-2017-01-19-12h45m38s606 vlcsnap-2017-01-19-12h46m21s241 vlcsnap-2017-01-19-12h48m54s656 vlcsnap-2017-01-19-12h49m28s451

Check Also

රවී යන්න මොහොතකට කලිනුත් සුපිරිම ගැහිල්ලක …ශ්‍රි ලංකා රේගුවට පාඩුව ලක්ෂ 100 කට අධිකයි

නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රෝස් දැව තොගයක් ශ්‍රි ලංකා වරාය රේගුව භාරයේ තිබියදී ...

One comment