Home / Featured / රටේ ආර්ථිකයම කුඩා කල්ලියකට…බඩු මිල හැටට හැටේ නගී…ආර්ථික විශ්ලේෂකයන්ගෙන් චෝදනා
ECON_NEWSALERT_24_01_2016

රටේ ආර්ථිකයම කුඩා කල්ලියකට…බඩු මිල හැටට හැටේ නගී…ආර්ථික විශ්ලේෂකයන්ගෙන් චෝදනා


ආණ්ඩුවට නිසි ලෙස ආර්ථික සැලස්මක් නොමැතිකම නිසා මේ වන විට රටේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බව , ආර්ථික විශ්ලේෂකයන් චෝදනා කරනවා.ඔවුන් සදහන් කරන්නේ රුපියල ආරක්ෂා කර ගැනීමට වත්මන් පාලකයන් සමත් නොවීම මේ තත්වය ඇති වීමට බලපා ඇති බවයි.

බඩු මිල ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය ඉකුත් දෙසැම්බර් මාසයේදීත් සුළු වශයෙන් වැඩි වී තිබෙනවා.

ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 5ක් වූ අතර නොවැම්බර් මාසයේදී එය සියයට 4.1ක් දක්වා අඩුවුණා.

එහෙත් දෙසැම්බර් මාසයේදී උද්ධමනය සියයට 4.2ක් දක්වා නැවත වැඩි වී තිබෙන බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවක සදහන් වන්නේ. උද්ධමනය වැඩී වීමත් සමගම සහල් ,පොල්තෙල් ,පොල් ,අර්තාපල් ඇතුළු ආහාර රැසක සහ ගෘහ උපකරණ ,ගෘහ ඒකක නඩත්තු කටයුතු ,ප්‍රවාහන ,රෙදිපිළි සහ පාවහන් යන කාණ්ඩවලද මිල ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

අප කල සොයා බැලීමකදී හෙළි වූයේ මේ වන විට වෙළද පොළ තුළ ජනතාවට දරා ගත නොහැකි ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල ඉහළ ගොස් ඇති බවයි.පොල් ගෙඩියක මිල රු .60-70 අතර මිළකට අළෙවි වන අතර පාරිභෝගිකයන් මේ හේතුව නිසා දැඩි අසීරුතාවයකට පත්වී තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ රජයේ නාස්තිකාර වියදම් වැඩි වීම සහ හොරකම් ,දූෂණය ඉහළ යෑම මේ තත්වයට බලපා පා ඇති බවයි.රට ආර්ථික අර්බුධයෙන් ගොඩ ගැනීමට යැයි පවසා රාජ්‍ය දේපළ විදේශිය සමාගම් හා පවරා දීමට රජය තීන්දු කිරීම මේ සදහා ඇති විසදුම නොවන බව ඔවුන්ගේ අදහසයි.ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටෙන අවස්ථාවකදී රාජ්‍ය දේපළ විදේශිය සමාගම් හා පවරා දීමෙන් සිදු වන්නේ එයින් ලබා ගන්නා මුදල් මෙන්ම  අවසානයේ ජාතික සම්පත් රටට අහිමි වීමක් පමණක් බවටද ඔවුන් පෙන්වා දෙනවා.

කුඩා කල්ලියක් විසින් මෙලෙස ආර්ථිකය හැසිරවීම හේතුවෙන් මේ තත්වය උදාවී ඇති බවත් නියගයට මුවාවී ආර්ථික අර්බුධය වසා ගැනීමට කටයුතු නොකර වහාම විද්වතුන් හා එක්ව  ඒ උපදෙස් අනුව යමින් රටට ඵලදායි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එක් වන්න යැයි ආර්ථික විශ්ලේෂකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා .

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාව 

NCPI-December.-2016-Sinhala-2 (1)

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

Facebook_SINHALA_NEWSALERT

ෆෙඩරල්වාදීන්ට ඕනෑ විදියට නටන්න බෑ-අලුත් ව්‍යවස්ථාව මහාසම්මතයෙන් අනුමත විය යුතුයි

දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙන්ම ජනමත විචාරණයක් ඕනා, අලූත් ව්‍යවස්ථාවක් ඕනා කියන සටන් පාඨය. අලූත් ...

One comment