Home / ව්‍යාපාරික / CH17 සිය සේවාවන් පුළුල් කිරීම සඳහා MyDeal.lk සමග ගිවිසුමකට එළඹෙයි
MyDeallk_SINHALA_NEWSALERT

CH17 සිය සේවාවන් පුළුල් කිරීම සඳහා MyDeal.lk සමග ගිවිසුමකට එළඹෙයි


සිය අලෙවිසැල් ජාලය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට වඩාත් වැඩි නිෂ්පාදන හා සේවා පරාසයක් තිළිණ කිරීම සඳහා MyDeal.lk සමග ගිවිසුමකට එළඹීමට CH17 සමාගම පසුගියදා කටයුතු කර තිබේ.

CH17 සිය පාරිභෝගික ළැදියා (Loyalty) වැඩසටහන්, විශේෂ පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරගෙන පහසුවෙන් ක‍්‍රියාත්මක කළ හැකි වන විවෘත පදනම් ක‍්‍රමවේදයක් (OPEN platform model) මත ක‍්‍රියාත්මක කරයි. උදාහරණයක් ලෙස, සමාගමේ වඩාත් සාර්ථකම පාරිභෝගික ළැදියා වැඩසටහන් අතරින් එකක් වන, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ කර්මාන්තශාලා හා සමාගම්වල සේවක සේවිකාවන් වෙනුවෙන් හඳුන්වා දුන් රන්සළු ප‍්‍රිවිලේජ් කාඞ්පත් වැඩසටහන මෙම වසරේදී සිවුවැනි වසරට පිවිසේ. මෙම වැඩසටහන එම සමාගම්වල කළමනාකාරීත්වයේ සහ කාර්ය මණ්ඩලවල විශාල ප‍්‍රසාදයක් දිනාගැනීමට සමත් වී ඇත.

“සමාගම්වල කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල අයට විශේෂ වාසි පිරිනැමීම සඳහා හඳුන්වා දුන් තවත් සාර්ථක ක‍්‍රමවේදයක් ලෙෂ මෙම වැඩසටහන හඳුන්වන්නට පුළුවන්. මෙමගින් ඔවුන්ට එදිනෙදා පාරිභෝගික භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, පාවහන්, ගෙදරදොර උපකරණ හා උපාංග වැනි තවත් බොහෝ දේ මිලදී ගැනීමේදී අලෙවිසල් රැසකින් සහනදායී මිලගණන් හිමිවනවා.” CH17 සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජුමාර් ප‍්‍රීනා මහතා පැවසී ය.

විශේෂ පාරිභෝගික කාණ්ඩ ඉලක්ක කරගෙන ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම ව්‍යාපාරයක සාර්ථකත්වයට හේතු වන බව වැඩිදුරටත් පෙන්වා දුන් ඒ මහතා Mydeal.lkMyStore.lk සහ Myfare.lk සමග අත්වැල් බැඳගෙන ක‍්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන බෙහෙවින් සාර්ථක වනු ඇති බවද අවධාරණය කළේ ය.

“මේ ආකාරයට CH17 සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල සතුටක්. කාඞ්පත් හිමි සාමාජික සාමාජිකාවන්ට දැන් සාමාන්‍ය මිලගණන්වලට වඩා 5% ක් අඩුවෙන් භාණ්ඩ මිලදීගැනීමට හැකියාව ලැබෙනවා. නව ලෝයල්ටි කාඞ්පත් ක‍්‍රමය මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට වාසි රැසක් සැලසේවි. එම ක්ෂේත‍්‍රයට අත්වැලක් වීමට ලැබීම ගැන අප සතුටු වනවා.” Mydeal.lk සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන අලෙවි නිලධාරී මෙහ්රාජ් සාලේ මහතා පැවසී ය.

www.Mydeal.lk යනු ප‍්‍රධාන පෙළේ විද්‍යුත් වාණිජ සේවා සමාගමක් වන අතර එම සමාගම දැන් www.myfare.lk ඔස්සේ සංචාරක සේවාවන් සහ www.mystore.lk ඔස්සේ අන්තර්ජාල අලෙවිසලක්ද පවත්වාගෙන යයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී දෙපාර්ශ්වය අතර අදාළ ගිවිසුම හුවමාරු කරගැනීම සිදුවූ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්. ඒ. තාජුඞීන් මහතාද එම අවස්ථාවට එක්වූහ.

DSC_07701
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී Mydeal.lk සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන අලෙවි නිලධාරී මෙහ්රාජ් සාලේ මහතා සහ CH17 සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජුමාර් ප‍්‍රීනා මහතා අදාළ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්. ඒ. තාජුඞීන් මහතාද ඡායාරූපයෙහි වෙති.
lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

Save-Your-Monkey

සුරක්‍ෂිත හා අවදානමෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමට “Save Your Monkey” එළිදකියි

බොහෝ ශ‍්‍රී ලංකිකයන් රක්‍ෂණය අත්විද ඇත්තේ ඉතා වෙහෙසකර නෛතික පසුබිමක් ඇති ක්‍ෂෙත‍්‍රයක් ලෙසය. රක්‍ෂණයේ නියම ...