Home / Featured / ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක තහනමක් …රටවල් 20 ක පුද්ගලයින් 71 ක් ඇමෙරිකාවේ ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපලේ රදවා ගනී ! ශ්‍රි ලාංකිකයන්ටත් තහනමක් !

ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක තහනමක් …රටවල් 20 ක පුද්ගලයින් 71 ක් ඇමෙරිකාවේ ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපලේ රදවා ගනී ! ශ්‍රි ලාංකිකයන්ටත් තහනමක් !

ශ්‍රි ලංකාව ඇතුළු තවත් රටවල් 20 ක පුද්ගලයින් 71 දෙනෙකු ඇමෙරිකාවේ නිව්යෝක් හි ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපලේ දී ඊයේ (31) රාත්‍රියේදී රදවා තබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.ඇමරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

ශ්‍රි ලංකාවට අමතරව මැලේසියා, චීන, තුර්කි, පාකිස්තාන, ප්‍රංශ, ඇල්ජීරියා, ජෝර්දාන්, කටාර්, සෙනගල්, ස්විට්සර්ලන්ත, ඊජිප්තු, හා ඝානා ඇතුළු රටවල පිරිසක් ද සිරියා, ඉරාක, සුඩාන, ලිබියා යන ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළ රටවල අයද එහි රඳවා ගෙන සිටී.

මේ හේතුව නිසා ඇමෙරිකාවේ නිව්යෝක් හි ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපල තුළ දැඩි කලබලකාරි තත්වයක් හටගෙන තිබෙනවා. පසුගියදා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මුස්ලිම් ජාතික පිරිස් බහුතරයක් වෙසෙන රටවල් 7කට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කලා.

 

Check Also

උතුරු-නැගෙනහිර රජයෙන් උදුරා ගත් ඉඩම් වහාම නැවත ලබා දෙනු! -පීඩිත ජනතාව වීදි බසියි

රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් ඊයේ (27) ...