ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල දැවැන්ත කඩා වැටීමකට …දැන් 152.44 යි …පටි තද කර ගන්න සූදානම් වන්න රුපියල මස්තබාල්දුයි !

0

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරයට සාපේක්ෂව ඊයේ (07) වන විට රුපියල 152.44 ට පහළ ගොස් ඇත. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි 08 වනදාට සාපේක්ෂව මෙය රු.21.44 ක කඩා වැටීමක් බවයි .රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් විදේශ සංචිත අඩුවීම නිසා මෙවන් තත්වයකට රට මුහුණපා ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

ඒ හෙයින් රටට ආනයනය කරනු ලබන සියළුම භාණ්ඩ වල මිල ඉහළ යන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඩොලරය හමුවේ ,රුපියල කඩා වැටීම ඉදිරියේදී මීටත් වඩා පහළ යන බවත් ,එය වළකා ගැනීමට රටේ විදේශ සංචිත වර්ධනය කර ගැනීමට ,රජයට කිසිදු හැකියාවක් නැති බවත් අපනයන ආදායම වර්ධනය කර ගැනීම හෝ විදේශිය ආයෝජන රට තුළට ගෙන ඒම හැර මේ තත්වය වෙනස් කල නොහැකි බව පෙන්වා දෙන ආර්ථික විශ්ලේෂකයන්, අපනයන ආදායම ඉහළ දැමීම සදහා ගතවුණු වසර දෙක තුළ , නිෂ්පාදන ඉහළ යෑමක් කෘෂිකර්ම හෝ කර්මාන්ත ක්ෂේස්ත්‍රයේ සිදුවී නැති බව පෙන්වා දෙනවා .

විදේශ ආයෝජන ගෙන ඒම සදහා කටයුතු කරන බවට රජය දිනපතා ප්‍රකාශ කලද ගත වුණු වසර දෙක තුළ එවැනි ආයෝජනයක් ගෙන ඒමට රජය අපොහොසත්වී ඇති බවත් එහි හොදම උදාහරණය මැතිවරණ සමයේ සිට වොක්ස් වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නද එවැනි ආයෝජනයක් නොකරන බවට එම සාමගම ප්‍රකාශ කර ඇති බව ඔවුන් පෙන්වා දෙනු ලැබුවා .ආයෝජකයින් රට තුළට නොඑන බැවින් දේශිය සම්පත් විකිණීමට ගන්නා උත්සහයද මේ වන විට ,ව්‍යර්ථවී ඇති හෙයින්,රුපියලේ පහත වැටීම වළක්වා ගත නොහැකි බව, ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

රුපියල එන්න එන්නම කඩා වැටීම නිසා ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මිලද දැවැන්ත ලෙස ඉහළ ගොස් ජනතාවගේ ජීවන වියදම ඉදිරියේදී තවත් වැඩිවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා. රජයේ විදේශ ණය ප්‍රතිශතයද මේ හරහා ඉහළ යනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.