Home / Featured / උතුරු නැගෙනහිර කියන්නෙ දෙමළ ජනතාවගේ මව්බිම කියල අපි අමතක කරලා නැහැ….දෙමළ ජාතික සන්ධානය හැදුවේ කොටි සංවිධානය

උතුරු නැගෙනහිර කියන්නෙ දෙමළ ජනතාවගේ මව්බිම කියල අපි අමතක කරලා නැහැ….දෙමළ ජාතික සන්ධානය හැදුවේ කොටි සංවිධානය

දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් දිනා දීම සඳහාත් උතුරු නැගෙනහිර පළාත්වල සිටින හිටපු කොටි සාමාජිකයින්ගේ මෙන්ම යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ගොඩනැගීම මෙන්ම දෙමළ ජනතාව මුහුණ පා සිටින එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ක්‍රියාකාරී දේශපාලන පක්ෂයක අවශ්‍යතාවක් පවතිනවා. මේනිසා අප විසින් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් බව හිටපු කොටි නායකයකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

සිය නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් මඩකලපුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණා අම්මාන් සදහන් කළේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම සඳහා ක්‍රියාකාරී දෙමළ දේශපාලන බලවේගයක් නොමැති බවත් මේ වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීමේ අරමුණින් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමැති නව දේශපාලන බලවේගය ගොඩනැගූ බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග 13 වැනි සංශෝධනයට අනුව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන තමන් අවස්ථා ගණනකදීම කතා කළ බවත් එවකට ආණ්ඩුව විසඳුමක් දෙන තැන හිටියත් මෙරට ආණ්ඩු පෙරළියෙන් පසු ඒ සියල්ල අවුල් වී ගිය බවද ඔහු සදහන් කර තිබේ.

“නමුත් දැන් ඔහුන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන් නැහැ කියල කියනවා. උතුරු නැගෙනහිර කියන්නෙ දෙමළ ජනතාවගේ මව්බිම කියල අපි අමතක කරල නැහැ. දෙමළ ජනතාවගේ ඒ මව්භූමිය වෙන්ව තිබිය යුතුයි කියලත් මම කියන්නේ නැහැ.”

“උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය තුළද පවතින මතබේදාත්මක ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. උතුරු මහ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපයත් අර්බුදකාරීයි. නැගෙනහිර පළාතෙත් එහෙමයි. දෙමළ දේශපාලන නායකයින්ගේ මෙම ක්‍රියාකලාපය නිසා තමයි අප විසින් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් නව පක්ෂයක් පිහිටුවා ගත්තා…”

“එදා කොටි සංවිධානය විසින් දෙමළ ජාතික සන්ධානය පිහිටුවීමට කටයුතු කිරීමේදී මමත් ඊට සහාය වුණා. නමුත් අද එම සන්ධානය පිහිටුවූයේ කොටි සංවිධානය බව කියන්නට ඔවුනට ශක්තියක් නැහැ. අපි බලන විට පැහැදිලිවම පෙනෙන්නට තියෙන්නේ මෙම සන්ධානයේ එකිනෙකාට එරෙහිව කටයුතු කරන හැඩක් හැර ජනතා ප්‍රශ්න විසඳීමට මුල්වීමක් නොවෙයි”

“මෙය කිසිවකුටත් එරෙහි පක්ෂයක් නොවෙයි. සිංහල ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් විරුද්ධ පක්ෂයක් නොවෙයි. මෙය දෙමළ ජනතාවගේ ප්‍රශ්න බුද්ධිමත් භාවයෙන් යුතුව සාකච්ඡා මාර්ගයෙන් විසඳීම සඳහා පිහිටුවා ගත් පක්ෂයක්. සිංහල දේශපාලන නායකයින් සමගින් සාකච්ඡා කළා. අපේ වැඩපිළිවෙළ ඔවුන්ගේද පැසසුමට ලක්වුණා. අපේ මෙම දේශපාලන වැඩපිළිවෙළ සමහර අය විවේචනය කරයි. සමහර අය අගය කරයි.”

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...