Home / Featured / රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම දැනගමු…මව් භාෂාවෙන් වැඩකිරිමට ඇති අයිතිය තහවුරු කරමු
international-mother-language_SINHALA_NEWSALERT

රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම දැනගමු…මව් භාෂාවෙන් වැඩකිරිමට ඇති අයිතිය තහවුරු කරමු


රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝව(UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.

මානව විභවතාවන් පූර්ණ වර්ධනය අධ්‍යාපනය මඟින් සිදුකරණ අතර,විශේෂයෙන්, ප්‍රජානන බලය (cognitive power) හා මානවයාගේ ප්‍රජානන හැකියාව යොදා ගන්නා ඕනෑම වැඩසටහනකදී, භාෂාව චින්තන මෙවලමක් ලෙස සුවිශේෂී වේ. එබැවින් මානව වර්ගයාගේ ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ සියලු තත්ත්වයන් තුළ භාෂාව කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන බව නොරහසකි.

පෙරදිග චින්තනය හෝ බටහිර චින්තනය මත භාෂාව විසල් දායකත්වයක් සිදුකරයි. එහෙයින් භාෂාව ජාතියේ ජීවනාලිය යැයි සළකනු ලැබේ. රටක ජනතාවගේ නිදහස් චින්තනය රටේ සංවර්ධනයට ඵලදායක ලෙස යොදා ගැනීමේදී මව් භාෂාව මනා පිටිවහලක් වන බවට ලෝකයේ සංවර්ධනය වූ රටවල් දෙස බැලීමේදී මැනවින් උදාහරණ සපයයි. දියුණු යැයි සැළකෙන රටවල් තම රටේ ජනතාවගේ මව් භාෂාවෙන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ කටයුතු සිදු කරයි.

මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය,කොරියාව,රුසියාව, චීනය, ඇමරිකාව,ඉතාලිය,සෞදි අරාබිය ආදි රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂාකරදී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය,නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල්බව මගිනි. රටේඋපන් රට වැසියන්ගේ භාෂාවෙන් අධිකරණ කටයුතු සිදුකිරීම සංවර්ධනය වූ රටවල ලක්ෂණයක්වීමද, තමන්ගේ රටේ උපන් රට වැසියන්ගේ මව් භාෂාවෙන් අධිකරණකට යුතු සිදුනො කිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණයක්වීමද මෙහිදී සැළකිල්ලට ලක්කළ යුතුය.

කිරම විමලජෝති හිමියන් හා කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2017 පෙබරවාරිමස 21 ප.ව.3.00 සිට 5.30 දක්වා තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී (4 වන මහල) පැවැත්වෙන 2017 ජාත්‍යන්තර මව්-භාෂා  සැමරුම් උළෙල සඳහා  සහභාගී වන මෙන් ඔබ වහන්සේට / ඔබතුමන්ට / ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු !

මව්-භාෂාව ප්‍රවර්ධන සංවිධානය

වෙබ් අඩවිය :       www.mawbhashawa.org

විද්‍යුත් තැපෑල:      info@mawbhashawa.org

mawbhashawa@gmail.com 

විමසීම්             දුලාර- 076-6483664

                       සුජීව -071-9005549

invit-Public-2

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...