Home / Featured / සංචාරකයෝ යන තැන වනසති … අලගල්ල කදුවැටිය අවධානමේ …තවත් පරිසර සංහාරයක්… පරිසර සංවිධාන ආනාවරණයක් !

සංචාරකයෝ යන තැන වනසති … අලගල්ල කදුවැටිය අවධානමේ …තවත් පරිසර සංහාරයක්… පරිසර සංවිධාන ආනාවරණයක් !

 

ඓතිහාසික හා පාරිසරික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත අලගල්ල කදුවැටියේ සුන්දරත්වය අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමිවීමේ අවදානමක් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.

අධිරාජ්‍යවාදීන් කන්ද උඩරට ආක්‍රමණය කිරීමේදී කඩුගන්නාවට නුදුරු බලන පිහිටි බැලුම්ගලට සමීපව පිහිටි අලගල්ල කදුවැටියෙන් ලැබී ඇත්තේ විශාල දායකත්වයකි.

ගිරි දුර්ග හා උස් කදුවලින් යුතු අලගල්ල කදු වැටිය තරණය කිරීම එවකට අසීරු කාර්යයක් වී ඇති අතර මේ හේතුවෙන් උඩරට අක්‍රමණිකයන්ගේ ගමන බෙහෙවින් ප්‍රමාදවී තිබුණු බව එම කදුවැටිය ආසන්නයේ පදිංචි පැරැණ්නෝ පැවසූහ.

කන්ද උඩරට අධිරාජ්‍ය රැක ගැනීමට විශාල දායකත්වයක් හිමිකර දුන් අලගල්ල කදු වැටියේ ඓතිහාසික උරුමය සිහිපත් කිරීම සදහා සෑම වර්ෂයකම නිදහස් දින යෙදෙන පෙබරවාරි මස 04 වන දින විශාල ජන පිරිසක් මෙම කදුවැටිය තරණය කිරීමට කටයුතු කරති. එමෙන්ම දේශීය සංචාරකයන් ද මෙම කදුවැටිය නිරීක්ෂණය කිරීමට පැමිණෙන අතර එවැනි ඇතැම් පිරිස් මෙම සුන්දර පාරිසරික කලාපය විනාශ කිරීමට මෑතක සිට කටයුතු කරන බව පරිසරවේදීන් කියයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂිත වනයක් ලෙස නම් කර ඇති මෙම කලාපය මුහුදු මට්ටමේ සිට අඩි තුන්දහසකට වඩා ඉහළින් පිහිටි කදුවැටියක් වන බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපති ප්‍රදීප් සමරවික්‍රම මහතා පැවසීය.

උඩවැඩියා විශේෂ, වර්ෂ හතකට වරක් මල් පිපෙන නෙළු ශාක, ගොඩපර ඇතුලු ශාක මෙන්ම සත්ව විශේෂවලින් යුතු මෙම කදුවැටිය ජල පෝෂක ප්‍රදේශයක් වන බව ද ඒ මහතා කීහ.

පහත් ප්‍රදේශ සදහා ජලය මුදාහැරීමට සමත් ජෛව විවිධත්වයෙන් යුතු මෙම කදු වැටිය හා ඒ ආශ්‍රිත වනාන්තරය පහත රට තෙත් වනාන්තර ලක්ෂණ හා උප කදුකර වනාන්තර ලක්ෂණවලින් සමන්විත ස්ථානයකි. මහනුවර සිට කොළඹ දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ දිගම උමං මාර්ගය පිහිටා ඇත්තේ ද අලගල්ල කදුවැටිය යටිනි.

මෙහි ඇති සුන්දරත්වය නිසා කදුවැටිය නැරඹීමට පැමිණෙන ඇතැම් පිරිස් වනයේ ගස් කපා කදවුරු බැද ඇති අයුරු දැකිය හැකිවේ. ඔවුන් ගිනි මැළ සදහා ජෛව විවිධත්වයෙන් යුතු ශාක කොටස් යොදා ගෙන තිබීමෙන් සිදුවන්නේ විශාල පිරිසර හානියකි. එමෙන්ම මත්පැන් භාවිත කිරීම සදහා පුරුදුව සිටින ඇතමුන් අලගල්ල කදුවැටියට සිදුකොට ඇත්තේ විශාල පරිසර හානියකි.

කදුවැටිය පාමුල ප්‍රදේශවල ඇතැම් පිරිස් රක්ෂිත ප්‍රදේශය ආක්‍රමණය කිරීම සිදුකරන බවත් රක්ෂිතය ආසන්නයේ ගස් කැපීම සිදුවන බවත් ප්‍රදේශවාසීන් කියයි.මේ හේතුවෙන් ජල මුලාශ සිදියාමට ලක්ව ඇතැ බව ද ප්‍රදේශවාසීන් සදහන් කළෝය.

කදුවැටියට සිදුව ඇති පාරිසරික තර්ජන නිරික්ෂණය කිරීම සදහා පැමිණි යටිනුවර ප්‍රාදේශීය ලේක්ම් චන්ද්‍රා ජයතුංග මහත්මිය වනාන්තරය සංරක්ෂණය කිරීම සදහා පියවර ගන්නා බව කීවාය.

මහනුවරල කුරුණෑගල හා කෑගලු දිස්ත්‍රික මායිම්ව පිහිටි මෙම කදුවැටිය සංරක්ෂණය කිරීම හා එහි පිහිටි අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක වන වගාවක් ඇති කිරීමට යටිනුවර ප්‍රාදේශීය ලේකම්කාර්යාලය මගින් වැඩපිළිවෙලක් සංවිධාන කරන බව ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රා ජයතුංග මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

( සටහන -නදීක දයා බණ්ඩාර )

Check Also

රවී යන්න මොහොතකට කලිනුත් සුපිරිම ගැහිල්ලක …ශ්‍රි ලංකා රේගුවට පාඩුව ලක්ෂ 100 කට අධිකයි

නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රෝස් දැව තොගයක් ශ්‍රි ලංකා වරාය රේගුව භාරයේ තිබියදී ...