Home / ව්‍යාපාරික / සුරක්‍ෂිත හා අවදානමෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමට “Save Your Monkey” එළිදකියි

සුරක්‍ෂිත හා අවදානමෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමට “Save Your Monkey” එළිදකියි

බොහෝ ශ‍්‍රී ලංකිකයන් රක්‍ෂණය අත්විද ඇත්තේ ඉතා වෙහෙසකර නෛතික පසුබිමක් ඇති ක්‍ෂෙත‍්‍රයක් ලෙසය. රක්‍ෂණයේ නියම ප‍්‍රතිලාභ, වටිනාකම් හා සේවාව බහුතර ජනතාවට වැටහිමක් නොමැත. රක්‍ෂණ අවරණවල ඇති සංකීර්ණ ස්භාවය හා තේරුම් ගැනීමට අපහසුභාවය නිසි බොහෝ ජනතාව රක්‍ෂණයේ වටිනාකම අගය නොකරයි.

මෙම තත්ත්වයට විසදුම් ලබාදීම ස`දහා “Save Your Monkey” රක්‍ෂණ ආවරණ අන්තර්ජාලය ඔස්සේ සැසදීමේ නව වෙබ් අඩවිය පසුගියදා එළිදක්වන ලදි. නව වෙබ් අඩවිය ම`ගින් රක්‍ෂණ සේවයේ පවතින සංකීරණ හා ගැට`ඵ සහගත තත්ත්වයට සිය නව්‍යකරණ සේවාව ඔස්සේ විසදුම් ලබාදෙමින් රක්‍ෂණ සේවාව සරල හා සැමට පහසුවෙන් ලබාගත හැකි සේවාවක් ලෙස පත්කර තිබේ. “SYM Insurance Brokers” නමින් ක‍්‍රියාත්මක වන මෙම සේවාවේ විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකාවේදී ලබාගත හැකි සියලූ රක්‍ෂණ සේවා සංසන්දනය කරමින් ජනතාවට අවශ්‍ය රක්‍ෂණය පහසුවෙන්, විනිවිදභාවයෙන්, විශ්වාසනීයව හා සුවිශේෂි මිලකට ගැනීමට හැකිවීමයි.

www.saveyourmonkey.com ම`ගින් පිරිභෝගික ජනතාවට විවිධ රක්‍ෂණ සමාගම් විසින් නිකුත් කරන රක්‍ෂණ අවරණ මිල ප‍්‍රකාශ “Save Your Monkey” සංසන්දනය කිරීමට සහ රක්‍ෂණ ආවරණ විස්තර කඩිනමින් ලබාගැනීමට අවස්ථා සැලසෙයි. මෙම සේවාවේ තවත් විශේෂත්වයක් වන්නේ රක්‍ෂණ අවරණය තොරාගැනීමේ සිට සියලූ කටයුතු හා අදාල රක්‍ෂණ ලිපිගොනු පාරිභෝගිකයාගේ නිවසටම රැගෙන ගොස් ලබාදීමයි.

Photo.03 (1)අන්තර් ජාල රක්‍ෂණ සේවාව ලොවපුරා දියුණු රටවල සාර්ථකව ක‍්‍රියාත්මක වන අතර එම සේවාව වෙත ජනතාව වැඩි නැඹුරුවක් දක්වයි. ඊට හේතුවී ඇත්තේ රක්‍ෂණ සේවා හා එහි ප‍්‍රතිලභ පිළිබ`දව ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම හා තම කැමැත්ත පරිදි රක්‍ෂණ ආවරණ තොරාගැනීමට හා සංසන්දනය කිරීමට ජනතාවට අවස්ව ලැබීමයි. ලොවපුරා ජනතාව අත්විදින මෙම සේවාව ශ‍්‍රී ලාංකික ජනතාවටද ලබාදීම ර්‍ණී්ඩැ ශදමර ඵදබනැහ” හි අරමුණ වේ. ඉන් ඔබ්බට ගොස් ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ගැලපෙන හා වටිනාකම් එකතු කල තවත් නිෂ්පාදන හ`දුන්වාදීමටද පියවරගෙන තිබේ.

www.saveyourmonkey.com වෙබ් අඩවිය ඔස්සේ දැනට රථවාහන හා ගමනාගමන රක්‍ෂණ ආවරණ සැපයීමට පියවරගෙන ඇති අතර අනිකුත් රක්‍ෂණ සේවා සාමාන්‍ය ලෙස සැපයීමට කටයුතු යොදා ඇත. ඉදිරියේදී නිවාස රක්‍ෂණ ආවරණ ලබාදීමටද පිවරගෙන තිබේ. මෙරට ප‍්‍රධන රක්‍ෂණ සමාගම් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගේ අත්දැකීම් හා දැනුම වර්ධනය කිරීමේ සේවාවක් සැපයීමටද “Save Your Monkey” බලාපොරොත්තු වේ. රක්‍ෂණ ආවරණයක් ලබා ගැනීමට පෙර පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ මධ්‍යස්ථනයක් ලෙස කටයුතු කිරීමටද “Save Your Monkey” හි අරමුණයි.

“Save Your Monkey” ආරම්භ කිරිමේ අනික් ප‍්‍රධාන අරමුණ වන්නේ මාර්ගයේදි කිසියම් අනතුරක් හෝ ආපදාවක් වු විට ජනතාවට කඩිනම් සේවාවක් සැපයීම ස`දහා “Save Your Monkey Roadside Assistance Application (App) හදුන්වාදීමට කටයුතු කිරීමයි. ඒ අනුව කිසියම් අනතුරක් හෝ කරදරයක් වූ විට බොත්තමක් එබිමෙන් අවශ්‍ය සේවාව ඉතා ක්‍ෂණිකව ලබාගැනීමට හැකිවේ. ඊට අමතරව පැය 24 පුරා ක‍්‍රියාත්මක වන හදිසි ආපදා දැන්වීමේ දුරකථන අංකයක්ද (0112-666539) ඇත.

“SYM Insurance Brokers” ඔස්සේ පෞද්ගලික අංශයේ ආයතන ස`දහාද රක්‍ෂණ ආවරණ සපයන අතර ව්‍යාපාරික අවශ්‍යතා අනුව සේවා හ`දුනාගැනීම හා විශිෂ්ඨ සේවා විසදුමක් ලබාදීම, දැනට පවතින රක්‍ෂණ ආවරණය විශ්ලේෂණය කිරීම, සාකච්ජා කර හොදම රක්‍ෂණ වාරිකයක් ලබාදීම, ඒ ඒ ආයතනය වෙනුවෙන් කටයුකු කරන නියෝජිතයෙකු පත්කිරීම, රක්‍ෂණ ආවරණ කාලය තුල වරින් වර රක්‍ෂණ තක්සේරු කරමින් අවශ්‍ය සංශෝධන කිරීම අයත් වේ.

සමාගමේ ව්‍යාපාරික ස්ථාවරභාවය ඇති කිරීමේ ප‍්‍රමුඛ උපායමාර්ගය ලෙස ව්‍යාපාරික ලෝකයත් සම`ග සහසම්බන්ධය “SYM Insurance Brokers” විශ්වාසයයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන “SYM Insurance Brokers” සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී ධනුෂ්ක ලියනගේ මහතා පෙන්වා දෙන්නේ තරුණ කණ්ඩායමක් ලෙස අනිකු සේවා හා නිපුනතාවන් වලින් ගොඩක් කරුණු ඉගෙන ගැනීමට හැකි බවයි. සහසම්බන්ධතා, රාමුවෙන් පරිබාහිරව සිතා කටයුතු කිරීම හා පරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සැබෑ ලෙස ඉෂ්ඨකරන සේවාවක් සැපයීම අප අරමුණ බව ඔහු කියා සිටියේය. ඒ අනුව “SYM Insurance Brokers” ඉදිරියේදී Uber, Autodrome PLC සහ LAUGFS Car Care වැනි ඉහල සේවාවක් සපයන සමාගම් සම`ග සහසම්බන්ධතා ආරම්භ කරමින් අගය එකතු කිරීමේ සේවා අප පාරිභෝගික ජනතාවට සැපයීමට කටයුතු කරන බව ලියනගේ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

“Save Your Monkey” නිල වශයෙන් එළිදැකිවීමේ උත්සවයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් එහි සමාරම්භකයා හා ප‍්‍රධාන වීධායක නිළධාරී චතුර ජයතිස්ස මහතා අවධාරණය කළේ ශ‍්‍රී ලංකාවේ පවතින බොහෝ ගැට`ඵවලට විසදුම් සැපයිය හැක්කේ නව්‍යකරණ නිෂ්පාදන හා සේවා තුලින් බවයි. “Save Your Monkey” එවැනි නව්‍යකරණ සේවාවක් බවත්, එය අනිකුත් අයගේ සිත් තුලට කාවැදී නව නිෂ්පාදන හා සේවා හ`දන්වාදීමට පියවර ගනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය. සමාගමේ අරමුණු හා අනාගත සැලසුම් පිළිබදව අදහස් දැක්වු ජයතිස්ස මහතාගේ ප‍්‍රධාන දෙසුම ෆෙස්බුක් ඔස්සේ සජීවිව විකාශය කෙරුණු අතර ශ‍්‍රී ලංකාවේ එවැනි අවස්ථාවක් පැවතියේ ප‍්‍රථමවරටයි.

සිය දෙසුම අවසන් කරමින් චතුර ජයතිස්ස මහතා කියා සිටියේ අපි දිගටම නව්‍යනරණය වෙමින් පවතින තත්ත්වයට අභියෝගයක් කරන බවත්, වෙළෙ`දපලේ සිටින අනෙකුත් නව්‍යකරුවන්ට අවධනය යොමු කරවීමට අවස්ථාව සලසන බවත්ය.

රක්‍ෂණය සරල කිරීම තම පරම අරමුණ කරගත් “Save Your Monkey” ජනතාවට ඉතා පහසුවෙන් හා කාර්්‍යක්‍ෂමව රක්‍ෂණ ආවරණ ලබාගැනීමට අවස්ථාව සලසමින්, ශ‍්‍රී ලංකාවේ රක්‍ෂණ සේවා තැරුව්කාර කර්මාන්තය අන්තර්ජාලයට රැගෙන යාමේ පුරෝගිමියා බව ආඩම්බරයෙන් ස`දහන් කළ හැකියි.

Photo 04.jpag (1)

Check Also

රුපියල තවදුරටත් බාල්දුයි …ඇපත් නෑ- රටම හොම්බෙන් යන දවස අත ළග

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණයවී තිබෙනවා. පසුගිය 19 දා වන විට රුපියලේ අගය ...