Home / Featured / රෑ යන News ,රටම කඩා වැටිලා …මේක ගොඩ ගන්න කාටවත් බෑ …මහා විනාශයක් …TV,පත්තර දෙකම එකයි … මේවා ප්‍රවෘත්තිද? කිසිම වැදගත්කමකට නෑ

රෑ යන News ,රටම කඩා වැටිලා …මේක ගොඩ ගන්න කාටවත් බෑ …මහා විනාශයක් …TV,පත්තර දෙකම එකයි … මේවා ප්‍රවෘත්තිද? කිසිම වැදගත්කමකට නෑ

රට වෙනුවෙන් විශාල වගකීමක් ජනමාධ්‍ය වෙත පැවරී ඇති නමුත් ඒ අයගේ ඉලක්කය වී ඇත්තේ රට නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා .ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) වැලිගම නගර සභා sශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

හවසට රූපවාහිනිය දිහා බැලුවාම පේන්නේ මුළු රටම කඩා ගෙන වැටිලා කියලා .මේක ගොඩ ගන්න බෑ කාටවත් .මහා විනාශයක් තියෙන්නේ .එයගොල්ලොන්ගේ ජනප්‍රියතාවය අඩු නම් වැරැද්ද වෙන පැත්තකට දානවා .මාර්කටින් තමා මෙයාලගේ ඉලක්කය .ඒක තමා එයාලගේ වැඩේ .රට නෙමේ .මුද්‍රිත මාධ්‍යත් එහෙන්මම තමා .

පත්තරයක් ගන්නකොට ගන්න ප්‍රවෘත්තියක් බලන්න තියන එකක් .ජන මාධ්‍ය වලට විශාල වගකීමක් තියනවා අවංකවම රට වෙනුවෙන් පෙනී ඉන්න .රට ගොඩ නගන්න මුළු මහත් ජනතාව එක්කම සමස්ත රාජ්‍ය සියළු දෙනා දිරි ගන්වන්න සියළු මාධ්‍ය වලට වගකීමක් සහ යුතුකමක් තියනවා .අසන දෙය සහ දකින දේ සැම වෙලාවේම ඒ ධෛර්යය හැමෝටම එන්නේ නෑ .

 

Check Also

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි….ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රීයේ!…තෙල් බෙදාහැරීම ගුවන් හමුදාව අතට

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා ...