Home / අතන මෙතන / දේශසීමා රැකීමේ ස්වර්ණ මෙහෙයුම ට නව අණ දෙන නිලධරයෙක්,නීති විරෝධී බෝට්ටු අල්ලන්න නව තාක්ෂණය

දේශසීමා රැකීමේ ස්වර්ණ මෙහෙයුම ට නව අණ දෙන නිලධරයෙක්,නීති විරෝධී බෝට්ටු අල්ලන්න නව තාක්ෂණය

ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ දැඩි පියවර ‘දේශසීමා රැකීමේ ස්වර්ණ මෙහෙයුම‘ හරහා පෙර සේම ඉදිරියට ගෙන යන බවත් මිනිස් ජාවාරම්කරුවන් වෙනුවෙන් තම දේශ සීමා වසා ඇති අතර ඉදිරියට ද එසේ සිදු වන බවත් ඕස්ට්‍රෙලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ ඇමති පීටර් ඩටන් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂක බළකායේ නව අණ දෙන නිලධාරියා ලෙස එයාර් වයිස් මාර්ෂල් ස්ටීවන් ඔස්බර්න් පත් කිරීමෙන් අනතුරුව නිල නිවේදනයක් නිකුත් කරමිනි.

ඕස්ට්‍රෙලියා දේශසීමාව ආරක්ෂා කර ගැනීමත්, මිනිස් ජාවාරම පිටුදැකීමත්, අසරණ මිනිසුන් මුහුදේ තම දිවි පරදුවට තැබීම නතර කිරීමත් තම ආණ්ඩුවේ අරමුණ බවත් ඕස්ට්‍රේලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ ඇමති පීටර් ඩටන් මෙම නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.

නීති විරෝධී බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට යාත්‍රා කරන අයට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි නොවන බව පවසන අමාත්‍යවරයා, එසේ පැමිණෙන එම බෝට්ටු මුහුදේදීම ආපසු හරවා යවනවා විනා ඔවුන්ට කිසිදු ලෙසකින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට කිසිදු විකල්ප අවස්ථාවක් නොමැති බවත් අමාත්‍යවරයා ගේ එම නිල නිවේදනයෙන් පැවසෙයි.මෙම නීතිය බලනොපාන කිසිවෙකුත් නොමැති බව ද ඉන් අවධාරණය කෙරෙයි.

මිනිස් ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී බෝට්ටු සූක්ෂමව දුර සිට හඳුනා ගැනීමටත්, ඒවා මුහුදේදීම ආපසු හරවා හැරීමටත්, ඕස්ට්‍රේලියාව ඉහළ තාක්ෂණ මෙවලම් භාවිත කරයි. දැනටමත් නීති විරෝධී බෝට්ටු 30කින් පැමිණි 700 දෙනකු ඔවුන් ආ රට වෙතම හරවා යවා ඇත.

“අපේ ප්‍රතිපත්ති කිසිවක් වෙනස් වී නැහැ. ඉදිරියටත් වෙනස් වන්නේත් නැහැ.” ඕස්ට්‍රෙලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ ඇමති පීටර් ඩටන් මෙම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කරයි.

Check Also

ඔබ Condom එකක් ගන්න දෙපාරක් හිතනවාද? ඒ අනතුරට අත වැනිමකි…

මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින HIV/ඒඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එම වෛරස ශරීරගතවීමේ ...