රේස් එක පටන් ගත්තා…සමහරු බ්‍රේක් ගහයි …කකුළෙන් අදියි …අපි වැටෙන්නේ නෑ …රට හදලයි පස්ස බලන්නේ …රට එකම සුරපුරයක් !

0

2020 දක්වා ජාතික ආණ්ඩුව ඉදිරියට ගමන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා .අගමැතිවරයා මේ බව සදහන් කලේ ,අද (19)අරණායක පැවති උත්සවයකට එක් වෙමින් .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා ,

“මම කියන්නම් මේ අවුරුද්දේ ගෙවන්න තියන විදේශ ණය ගැන .කෝටි 408 යි .ඔක්කොම අරගත්තාම කෝටි 3119 ක් ගෙවන්න වෙලා තියෙනවා.මේ ගාන වැඩි වුණේ හම්බන්තොට වරායේ ණය ගෙවන එක මේ අවුරුද්දේ පටන් ගත්තා.අපි කිව්වේ එක දෙයයි .චීනයේ ප්‍රසිද්ධම වරායවල් භාර සමාගම සහ අපේ සමාගම එක්ක හම්බන්තොට වරායේ වැඩ කටයුතු කළා.දැන් අදාළ චයිනා සමාගමෙන් ඩොලර් කෝටි 110 ක් ඉල්ල ගත්තා .අර ගෙවන්න තියන කෝටි 408 ,කෝටි 298 අඩු වෙනවා .

ඒ වගේම අපිට ඩොලර් කෝටි 416 ක් ගෙවන්න තියනවා .පාරවල් එහෙම ගෙනියන්න ඒකාබද්ධ ව්‍යාපාර පටන් ගත්තාම අපිට තියෙන අයිතියෙන් කොටසක් ඒ අයට ලබා දෙන නිසා ඒ සදහා මිල අරගන්න .එතකොට අපිට ගෙවන්න තියන ගාන කෝටි 266 කට අඩු වෙනවා.

ඔය ටික ගෙනාවම අපිට පුළුවන් වෙනවා අනිත් සංවර්ධන වැඩ කටයුතු කරන්න . හම්බන්තොට වරාය පටන් ගත්තාම ඒ එක්කම දැන් එකග වෙලා තියෙනවා තෙල් පිරිපහදුව පටන් ගන්න .නැව් තටාකයක් පටන් ගන්නවා .ඒකට කෝටි 500ක් ඩොලර් එනවා .අඩුමගානේ කර්මාන්ත ශාලා 200 ක් 300 ක් පළවෙනි අවස්ථාවේ එනවා මෙතන ආයෝජන කරන්න .එතකොට අපිට මේ අවුරුදු දෙකේ හොදට රැකියා ලබා දීලා ඉස්සරාහාට යන්න පුලුවන්.

අපිට GSP+ලැබුණායින් පස්සේ අපනයන අවස්ථා වැඩි වෙනවා .ජපානය අපිට උදව් කරනවා .ජපානය ලංකාවට බැදුම්කර දෙන්න අපි ඒ බැදුම්කර සනාත කරනවා කියලා ගැරන්ටි එක ජපානයෙන් දීලා තියනවා .සල්ලි අපේ .මේ අවුරුදු දෙකේදී අපි අඩිතාලම හැදුවා .දැන් රේස් එක පටන් ගත්තා .ඔතනදී බලයි සමහර අය පොඩි බ්‍රේක් එකක් දාන්න .කකුලෙන් අදින්න .ඒවා කමක් නෑ .ඒවට අපි ලෑස්තියි .

මේ රටේ තරුණ ,තරුණියන්ගේ විශාල බලාපොරොත්තුවක් තියනවා මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා වැඩ කලාම ප්‍රතිපලයක් ලබලා දෙනවා කියලා .මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි මායි තීරණය කරලා තියෙන්නේ මේක කොහොම හරි අවුරුදු 05 ක් ගෙනියනවා කියලා.මූලික ප්‍රශ්නත් විසදලා දානවා .”