Home / Featured / විදෙස් ආයෝජකයින් ලංකාව හැර යති …දැනටමත් බිලියන 100 කට අධික ආයෝජන ඉවත් කර ගනී …මහා ආර්ථික ඛේදවාචකයක් … ආර්ථික විද්‍යාඥයන් අනතුරු අගවති !
BUSNES_LNA_21_02_2016

විදෙස් ආයෝජකයින් ලංකාව හැර යති …දැනටමත් බිලියන 100 කට අධික ආයෝජන ඉවත් කර ගනී …මහා ආර්ථික ඛේදවාචකයක් … ආර්ථික විද්‍යාඥයන් අනතුරු අගවති !


පසුගිය සති 18 ක කාලයක් තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළදපොලෙන් විදේශ ආයෝජකයින් රුපියල් බිලියන 100 කට අධික මුදලක් ඉවත් කර ගෙන තිබෙනවා .ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ,විදෙස් ආයෝජකයින් බැදුම්කර හා බිල්පත් වැනි සුරැකුම්පත් වලින් ඉවත්වීම නිසා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටී ඇති බවයි.

පෙබරවාරි 15 දා අවසන්වූ සතියෙන් විදෙස් ආයෝජකයින් රු .මිලියන 17,707 ක් ඉවත් කර ගෙන ඇති අතර සමාලෝචනයට ලක්වූ සති 18 ක කාලය තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළද පොලේ විදෙස් ආයෝජන 33.22 හෙවත් එය තුනෙන් එකක අඩු වීමකී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විද්‍යාඥයන් සදහන් කලේ ,ඇමරිකාවේ පොලි අනුපාත වැඩි වීම නිසා මේ ආයෝජකයින් ශ්‍රි ලංකාවේ සුරැකුම්පත් විකුණා නැවත ඇමරිකාව වැනි රටවලට යවන බවයි .මේ ආයෝජකයින් වෙළදපොලෙන් පිටවන විට ඒ අයගේ ඩොලර්ද පිටවීම නිසා රුපියල දුර්වල වන බවත් ඔක්තොම්බර් මාසයේ පැවති රුපියල .145.146 වැනි අගයකින් මේ වන විට 150 දක්වා පහත බැස ඇත්තේ ඒ නිසා බව ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි.

මීට හේතුව මේ ඉවත්වීම නමුත් විදේශ ආයෝජන පහත වැටී ඇති පරිසරයක බරපතල තත්වයක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මහ බැංකු බැදුම්කර සිද්ධියද මේ ඉවත්වීමට සාධකයක් බවත් මේ සාධකය ඉතා අහිතකර තත්වයක් හෙයින් මේ හේතුන් නිසා ආයෝජකයින්ගේ සිතුවිලි වලට බලපෑම් එල්ලවී ඇති බවද ආර්ථික විද්‍යාඥයන් සදහන් කරනවා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

Facebook_SINHALA_NEWSALERT

ෆෙඩරල්වාදීන්ට ඕනෑ විදියට නටන්න බෑ-අලුත් ව්‍යවස්ථාව මහාසම්මතයෙන් අනුමත විය යුතුයි

දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙන්ම ජනමත විචාරණයක් ඕනා, අලූත් ව්‍යවස්ථාවක් ඕනා කියන සටන් පාඨය. අලූත් ...