Home / Featured / අද ආයෝජකයින් ලංකාව දැකලා පස්ස නොබලා දුවනවා …රටේම මහා ආර්ථික අහෙණියක් …රටට වූ නස්පැත්තිය …එදා ණය සහ අද ණය …
ECON_LNA_21_02_2016

අද ආයෝජකයින් ලංකාව දැකලා පස්ස නොබලා දුවනවා …රටේම මහා ආර්ථික අහෙණියක් …රටට වූ නස්පැත්තිය …එදා ණය සහ අද ණය …


“අද ජාත්‍යන්තර ආර්ථික දර්ශක වලින් පෙන්වා දෙන දත්ත දැක්කාම ආයෝජකයන් ශී‍්‍ර ලංකාව දිහා හැරිලා බලන්නේ වත් නැතිව දුවන තත්ත්වයකට ආර්ථිකය පත්වෙලා තියෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග ආයෝජකයින් මෙරට තුළ ආයෝජනය කිරීමට විශාල මැලිකමක් දක්වන බවද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල ශී‍්‍ර වජිරාශ‍්‍රමයේදී අද (21) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්තී‍්‍රවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය,

”ආර්ථික අර්බුදය ඇතිකළේ මහින්ද රජපක්ෂ මහතා කියලා අගමැතිවරයාත් ජවිපෙත් ඇතුළු සියලූ පාර්ශවයන් මහින්ද රජපක්ෂට එළවා එළවා පහර දෙනවා, ඒත් ඇත්තමට සිද්ධ වුනේ මහින්ද රාජපක්ෂ යුගයේදී යුද්ධය නිම කිරීමට ණය ගන්න වුනා. ඒ වගේම ඛණිජ තෙල් අර්බුදය තිබ්බා .ඒ නිසා විශාල වශයෙන් ණය ගන්න සිද්ධවුනා.

අපි රට බාර ගන්නකොට ණය විදහට තිබුනේ රුපියල් බිලියන දෙදහස් දෙසිය විසි දෙදක් විතරයි. අපි අවුරුදු දහයක කාලයක් තුලදීම අපි අරගෙන තිබුණ ණය ප‍්‍රමාණය වුනේ බිලියන හත්දහස් තුන්සිය අනූඑකක ප‍්‍රමාණයක් විතරයි. අවුරුදු දහයටම ණය වැඩි වුනේ රුපියල් බිලියන පන්දහස් එකසිය හැටනමයකින් විතරයි. හැබැයි වර්ථමාන රජය ඇවිත් වසර දෙකදී රුපියල් බිලියන දෙදහස් එකොළහකින් වැඩිවෙලා තියෙනවා. අපි පිලිගතයුතුයි මෙරටේ දැවන්තම ණය අර්බුදය භාර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා කියන කාරණය.

2002 ජූලි 4 වැනිදා අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ජාතිය අමතලා කිව්වේ ලබාගත් ණය සහ ඒවායේ වාරික ගෙවීමට ඒ වසරේදී පමණක් රුපියල් කෝටි තිස් දෙදහස් හත්සීය මුදලක් වැය කළ යුතුයි කියලායි. ඒත් එදා රටේ අදායම රුපියල් කෝටි විසි හත් දහස් අටසීයකට පමණක් සීමා වෙනවා කියලත් ඒ නිසා රටේ ආදායම ණය ගෙවන්න ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ කියලාත් කිව්වා.

මහින්ද රජපක්ෂ නැති නිසායි අද වෙනකොට මේ රටේ ආයෝජනය කළ ආයොජන විදේශ ආයෝජන අකුලා ගන්නා තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මොකද අද වෙනකොට සියලූම දර්ශක වලින් පෙන්නුම් කරන්නේ යහපත් තත්ත්වක් නොමෙයි .ඒ නිසා ආයෝජයන් එන්නේ නැහැ අයෝජකයන් ශී‍්‍ර ලංකාවේ තත්ත්වය දැක්කාම දුවනවා.

අද ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය තමයි රට මුහුණ දෙන විශාලත අභියෝගය .ඒත් මේක වසාගන්න ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ගත්ත ණය නිසා තමයි මේක වුනේ කියලා බොරුවට කෑගහනවා.
ඇත්තටම බොරතෙල් වල මිල පහළ ගිය නිසා ඉතිරිවුන මුදල් වලට මොකද වුනේ කියලා අපි දන්නේ නැහැ .ඒ සල්ලි වලින් අපිට මේ රටේ විදේශ ණය විශාල ප‍්‍රමාණයක් ගෙවලා නිම කරන්න හැකියාවක් තිබුනා.
පසුගිය කාලයේදී රුපියල කඩා වැටීම නවත්වන්න රටේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම හතර දක්වා අඩුවෙලා තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේක ජාත්‍යන්තර දර්ශක වලින් සියල්ල හෙළි වෙනවා.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,

මහ බැංකු අයිති වෙන්නේ අගමැතිවරයාටයි ඒක ඉතාම අසතුටදායක තත්ත්වයක්. අපි ජනාධිපතිවරයාට කියනවා මහ බැංකුව පිළිබද වගකීම සෘජුව පවරාගන්න කියලා. මේ ආණ්ඩුව හොරුන්ට විශාල අරක්ෂාවක් ලබාදී තියෙනවා.

චන්ද්‍රකා කුමරතුංග මහත්මිය හමුදාව මහා පරිමාණ දුෂණ වලට සම්බන්ධවුනා කියලා චෝදනාවක් කරනවා. මහින්ද රාජපක්ෂ මහාතාගේ කාලයේදී ජාත්‍යන්තරය ඉදිරියේ ප‍්‍රබල තර්ක ඉදිරිපත් කරලා කිව්වේ යුද අපරාධ සිද්ධවුනේ නැහැ කියලායි.

ඒත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රකාශය නිසා හමුද නිලධාරීන් විශාල අවධානමකට මුහුණ දෙනවා. මේක රජය සෘජුව මැදිහත් විය යුතුයි. අනික තමයි මේ දින වල ඇති වෙන වී ප‍්‍රශ්ණය. මේක මහා විශාල අර්බුදයක් මේකට කිසිම විසදුමක් නැහැ පොහොර සහනාධාරය මේ අයට දෙන්නේ නැහැ මේ නිසාම ගොවියා විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ යුගයේදී වකුගඩු රෝගීන්ට ලබාදුන්න රුපියල් පන්දහසක මුදල අදවෙන කොට දෙන්නේ නැහැ. ඒත් මේක ජනාධිපතිවරයාගේ මැදිහත් වීමට අනිවර්යෙන්ම සිද්ධ වියයුතුයි. මේ සියල්ල අස්සේ ආණ්ඩුව මැතිවරණය කළ දමිමින් ඉන්නවා.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

Facebook_SINHALA_NEWSALERT

ෆෙඩරල්වාදීන්ට ඕනෑ විදියට නටන්න බෑ-අලුත් ව්‍යවස්ථාව මහාසම්මතයෙන් අනුමත විය යුතුයි

දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙන්ම ජනමත විචාරණයක් ඕනා, අලූත් ව්‍යවස්ථාවක් ඕනා කියන සටන් පාඨය. අලූත් ...