Home / Featured / ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත රජය බුද්ධි අංශ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කරයි …යුධ විරුවන් මහා අපරාධකරුවන් ලෙස සලකා රජය නින්දිත වැඩක … ත්‍රස්තාවාදී මෙහෙයුමක් ක්‍රියාත්මකයි

ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත රජය බුද්ධි අංශ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කරයි …යුධ විරුවන් මහා අපරාධකරුවන් ලෙස සලකා රජය නින්දිත වැඩක … ත්‍රස්තාවාදී මෙහෙයුමක් ක්‍රියාත්මකයි

රටතුල ත‍්‍රස්තවාදය නැවැත හිස එසවීමේ ප‍්‍රවනතාවයක් පෙනෙන්නට ඇති නමුත් රජයේ ක්‍රියාකලාපය හමුවේ , එවැනි තත්වයක් යළි රට තුළ ඇති වුවහොත් , බුද්ධි අංශ නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ එයට මැදිහත් වෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව , ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභාපති , මහාචාර්ය ජි .එල් පීරිස් පවසනවා .ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ අද (22) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එකවෙමින් ඔහු මේ බව සදහන් කළා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් ,

රටතුල ත‍්‍රස්තවාදය නැවැත හිස එසවීමේ ප‍්‍රවනතාවයක් පෙනෙන්නට තියෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අණාවරණය කරගෙන තිබෙනවා. මේ කුමන්ත‍්‍රණයට රටවල් හතරක ක‍්‍රියාත්මක ඩයස්පෝරාව සම්බන්ධ බවට මේ වනවිට තොරතුරු අණාවරණය කරගෙන තබෙන බවට මාධ්‍ය වාර්තා පවා පළ වුණා. එහිදී ඩයස් පෝරා රුපියල් අට ලක්ෂයක් හා හය ලක්ෂයක් අවස්තා දෙකකදී ලබාදී තිබෙනවා. මෙම කුමන්ත‍්‍රණයට සම්බන්ධව සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ලැබුණ තොරතුරු වලට අනුව යාපනය, ත‍්‍රිකුණාමලය හා කිළිනොච්චිය දිස්ත‍්‍රික්කවල සඟවා තිබූ ක්ලේමෝ බෝම්බ ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ වගේ බරපතළ තත්ත්වයකට මුහුණ දීමට රජය ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. මොවුන් කිළිනොච්චි අධිකරණයට ඉදිරිපත්කර තිබෙන්නෙත් සාමාන්‍ය නීතිය යටතෙයි. ඒ නිසා ඉදිරි විමර්ශන කටයුතු වලට විශාල බාධාවක් ඇතිවී තිබෙනවා. ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත ක‍්‍රියාත්මක නොකළත් බුද්ධි අංශ නිළධාරීන්ට විරුද්ධවනම් රජය ඒ පනත ක‍්‍රියාත්මක කරනවා.

ඒ නිසා බුද්ධි අංශවල ධෛර්යය හීන වෙනවා.අතුරුදන් වූවන් පිළිබ`ද කාර්යාලය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කළා. නමුත් ආරක්ෂක අංශ වලට විවිධ ගැටලූවලට මුහුණ දීමට සිදුවන බව රජය වටහා ගැනීම නිසා ඒ පනත ගැසට් කිරීම මාස කිහිපයක් කල් දැම්මා. ඒ පනත ගැසට් කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. එන්.ජී.ඕ නිළධාරීන් පොලිස් නිළධාරීන්ගේ බලතල ලැබෙනවා. දවසේ ඕනෑම විටක ආරක්ෂක සාමාජිකන්, බුද්ධි අංශ නිළධාරීන් මේ කාර්යාලයට කැදවන්න පුළුවන්. ඒ පනතේ විධි විධාන අනුව විදේශීය ඒන්.ජී.ඕ සංවිධානවලට, අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමඟ ගිවිසුම් ඇතිකරගන්න පුළුවන්කම තිබෙනවා.

එමෙන්ම මනෝරි මුත්තෙට්ටුගම කමිටුව පැහැදිලිවම ස`දහන් කරනවා යුධ සමයේ මෙරට යුධ අපරාධ සිදුවුණා කියලා. මේ අපරාධ පිළිබදව සොයන්න පත්කරන විනිසුරු මඩුළුවල අවම වශයෙන් එක් විදේශීය විනිසුරුවරයකුවත් සිටිය යතු බව ඒ වාර්තාවේ සදහන් වෙනවා. යුද්ධය පැවැති සමයේදී හමුදාව ස්ත‍්‍රී දුෂණ කළ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය චෝදනා කළා. හිටපු ජනාධිපතිනිය ඒ චෝදනාව සනාථවන අන්දෙමි ප‍්‍රකාශ නිකුත් කරනවා. මේ නිසා යළිත් ත්‍රස්තවාදය ඇතිවුනොත් බුද්ධි අංශ නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ එයට මැදිහත් වෙයි කියලා බළාපොරොත්තු විය නොහැකි.

Check Also

රවී යන්න මොහොතකට කලිනුත් සුපිරිම ගැහිල්ලක …ශ්‍රි ලංකා රේගුවට පාඩුව ලක්ෂ 100 කට අධිකයි

නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රෝස් දැව තොගයක් ශ්‍රි ලංකා වරාය රේගුව භාරයේ තිබියදී ...