Home / Featured / ප්‍රබලම ව්‍යාපාරිකයොත් හොම්බෙන් යයි …දරුණුතම ආර්ථික කඩා වැටීමක් නිසා , ව්‍යාපාරික ප්‍රජාව තුළ කැළඹීමක් …ජනපති සමග විශේෂ සාකච්ඡා ආර්ථික මට්ටම එන්න එන්නම දරුණු අතට !
RUPEES1_LNA_26_02_2016

ප්‍රබලම ව්‍යාපාරිකයොත් හොම්බෙන් යයි …දරුණුතම ආර්ථික කඩා වැටීමක් නිසා , ව්‍යාපාරික ප්‍රජාව තුළ කැළඹීමක් …ජනපති සමග විශේෂ සාකච්ඡා ආර්ථික මට්ටම එන්න එන්නම දරුණු අතට !


දිනෙන් දින අර්බුධයට පත්වන ආර්ථිකය නිසා රටේ ඉහළම ව්‍යාපාරිකයන් මහා අර්බුධයකට මුහුණ පා ඇති බවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ප්‍රබල ව්‍යාපාරිකයන් කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.

ලබන 2018 වර්ෂයේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ණය ගෙවීම සඳහා රුපියල් කෝටි 94,500ක් පමණ අවශ්‍ය වන බවද එසේ වුවත් රට තුළින් ලබාගත හැක්කේ රුපියල් කෝටි 72,000ක් වැනි ණය මුදලක් පමණක් බව මහ බැංකු අධිපතිවරයා විසින් නිල වශයෙන් ඇමති මණ්ඩලයට වාර්තා කර ඇත.

රටේ ඉහළම ව්‍යාපාරිකයන් කැළඹීමට පත්ව ඇත්තේ මෙම තොරතුරු හෙළි වීමෙන් පසුව බව අනාවරණය වේ. මෙම තත්වයෙන් මිදීමට ඉදිරි කාලයේදී දේශීය ණය ගැනීම අඩු කර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරිම, අන්තර් ජාතික ස්වෛරීත්වය බැඳුම්කර නිකුත් කිරීම සහ ව්‍යාපෘති ණය නිකුත් කිරිම කෙරෙහි ආණ්ඩුවේ වැඩි අවධානය යොමු කර තිබේ.

මේ අතර නැවත වරක් රුපියල බිඳ වැටී ඩොලරයක් සඳහා රුපියල් 154ක් ගෙවිය යුතු විනිමය අනුපාතිකයක් සහිත මැද වනවිට නිර්මාණය වී පැවතිණි. මෙලෙස රුපියල අවප්‍රමාණය වුවහොත් ජූනි හෝ ජූලි වනවිට ඩොලරයක් සඳහා රුපියල් 175ක් වේ යැයි අනතුරු අඟවා ඇත.

එල්ල වී තිබෙන ආර්ථික අර්බුදයේ තරම විවිධ අංශවලින් ප්‍රකාශයට පත් වී ඇත්තේ රට සතුව පැවතිය යුතු නිල විදේශ සංචිත ප්‍රමාණය වේගයෙන් පහළ වැටීම ය. දළ වශයෙන් මාස දෙකක් සඳහා රටට අවශ්‍ය ආනයන ලබා ගත හැකි විදේශ සංචිත ප්‍රමාණයක් තිබිය යුතු අතර එය ඩොලර් කෝටි 950ක් පමණ වේ. නමුත් පසුගිය ජනවාරි මස අවසන් වනවිට පැවැතී ඇත්තේ ඩොලර් කෝටි 550ක් පමණ ය. මේ නිසා රුපියලේ අගය දරුණු ලෙස බිඳවැටෙමින් තිබේ.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

Facebook_SINHALA_NEWSALERT

ෆෙඩරල්වාදීන්ට ඕනෑ විදියට නටන්න බෑ-අලුත් ව්‍යවස්ථාව මහාසම්මතයෙන් අනුමත විය යුතුයි

දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙන්ම ජනමත විචාරණයක් ඕනා, අලූත් ව්‍යවස්ථාවක් ඕනා කියන සටන් පාඨය. අලූත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *