Home / Featured / ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග සහ සිවරාම් ඝාතනය, උපාලි තෙන්නකෝන් හා කීත් නොයාර් ප්‍රහාර සිදුවීම් පිටුපස හමුදා බුද්ධි අංශ

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග සහ සිවරාම් ඝාතනය, උපාලි තෙන්නකෝන් හා කීත් නොයාර් ප්‍රහාර සිදුවීම් පිටුපස හමුදා බුද්ධි අංශ

රාජපක්ෂ පාලනය තුළ සිදුවූ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් හා ඝාතන සම්බන්ධ පරික්ෂණ ප්‍රමාද වන්නට හේතුව එකී අපරාධ පිළීබද චෝදනා ලැබුවන් විසින් සත්‍ය වසන් කිරීම මෙන්ම හමුදාව තුළ සිටින අපරාධ සහායකයන් විමර්ශනයට බාධාකිරීම් බව ජ්‍යෝෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ (21) රාත්‍රි ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘කවුද ඇත්ත කියන්නේ?‘ නමැති සංවාද වැඩසටහනකදීය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග සහ සිවරාම් ඝාතනය, උපාලි තෙන්නකෝන් හා කීත් නොයාර් ප්‍රහාර සිදුවීම් පමණක් නොව තම නිවසට බෝම්බ ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධව වුවද තොරතුරු එකිනෙක ලිහාගන්නට යම් යම් කරුණු හෙලිදරව් වෙමින් තිබුණද ඒවා සම්බන්ධ සත්‍ය අනාවරණය කිරිමට බාධා කරන්නේ ආරක්ෂක අංශවල පුද්ගලයන්ම බව ජ්‍යෝෂ්ඨ නිතිඥවරයා චෝදනාත්මකව පැවසීය. ලෝකයේ වෙනත් රටවල මෙන්ම ජනමාධ්‍යවේදීන් සමග එක්ව හමුදාවේ හා පොලිසියේ බුද්ධි අංශ ක්‍රියාත්මක වන බවත් ව්‍යාජ පුවත් මැවීමෙන් විවිධ උපක්‍රමික පියවර ගන්නට එවැනි බුද්ධි අංශ කටයුතු කරන බවත් පෙන්වා දුන් නීතිඥ වැලිඅමුණ සිදුව ඇති අපරාධ පිළිබද සුලමුළ සොයා යන්නට ප්‍රමාණවත් තොරතුරු මූලාශ්‍ර බුද්ධි අංශ සතුව අදටත් පවතින බවට විශ්වාසය පළ කළේය.

සාමාන්‍යයෙන් එක්සත් ජනපදය හෝ වෙනත් සමහර රටවලදී එවැනි බුද්ධි අංශ පොලිසියේ විමර්ශන කටයුතුවලට දායක වන නමුත් ලංකාවේදී ආරක්ෂක අංශවල සිටින අපරාධකරුවන් විසින්ම ඒවා හෙළිදරව් නොවන තැනට වගබලාගන්නා බවත් අධිකරණය පවා නොමග යවන පරිදි සාක්ෂි විමර්ශනවලදී ව්‍යාජ තොරතුරු ලබා දෙන බවටත් ඔහු ප්‍රකාශ කළේය.

ජ්‍යෝෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ රාජපක්ෂ ආණ්ඩුව සමයේ මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පිළිබද හඩ නැගීම නිසා රාජපක්ෂ පාලනයේ ඝාතකයන් විසින් හිරිහැරයට පත් වූ නීතිඥවරයෙකි. ඔහුගේ ක්‍රියාකාරකම් නිසා කෝපයට පත් රාජපක්ෂ පාලනය විසින් ඔහුගේ කොහුවල පිහිටි නිවසට 2008 සැප්තැම්බර් 28 වැනිදා ග්‍රෙනේඩ් ප්‍රහාරයක් ද එල්ල කෙරිණී.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...