කිලිනොච්චි පරෙවිපංචාන් යුද හමුදා කඳවුරට පිරිසක් බලෙන් කඩා පනී …ඉඩම් ඉල්ලා හමුදාවට බල කරති … යුධ හමුදාව සමග උණුසුම් තත්වයක් …කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කරන්න යයි ?

0

කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරට සිවිල් වැසියන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. සිය ඉඩම් ආපසු භාර දෙන ලෙසට එහිදී , හමුදාවට බලපෑම් කර ඇති අතර යුධ හමුදාව සහ සාමාන්‍ය වැසියන් අතර උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්‌ථාවේදී සාකච්ඡා කොට ඇති අතර, සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ඇත්නම් ඒවා නිදහස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී යුද හමුදා ප්‍රධානියා පවසා ඇත.

මේ අතර කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරට අයත් භූමියෙන් කොටසක් ඉකුත් දා සාමාන්‍ය ජනතාව වෙත පවරා දෙනු ලැබුවා.

පසුගියදා විපක්ෂනායක ආර් .සම්බන්ධන්ද ප්‍රකාශ කර ඇත්තේ , කිලිනොච්චිය, පරවිපරච්චාන් යුද හමුදා කඳවුර සති දෙකක කාලයක් තුළ ඉවත් කර, හමුදා කඳවුර වෙත පවරා ගෙන ඇති ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත ලබාදෙන බවයි .

පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ තමා සාකච්ඡා කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවා.

උතුරු -නැගෙනහිර ඉඩම් වලින් හමුදාව ඉවත් කරමින් සිටින මොහොතකදීයි සාමාන්‍ය වැසියන් විසින් මෙලෙස බලහත්කාරයෙන් යුධ හමුදා කදවුරට ඇතුළත්වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ හමුදා කදවුර ඉවත් කර ජනතා ඉඩම් ජනතාවට ලබා දීම සදහා සාකච්ඡා ආරම්භ කර ඇති බව දැන ගන්නට ලැබෙනවා .