බැසිල් ආ පයින්ම මහනුවරදී වැඩ අල්ලයි …ශ්‍රි .පො .පෙ ක්‍රියාකාරින් හා සාකච්ඡා අරඹයි “මහින්ද සමග ආණ්ඩුවක් හදන්න සාකච්ඡා ” ආණ්ඩු විරෝධි ගමන බලවත් කෙරේ

0

පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මේ වන විට , ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව ගොඩ නැගූ ජනතා බලවේගයේ ,ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරින් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (26) මහනුවර බලා ගොස් තිබුනා.

මහනුවර සහ මාතලේ පක්ෂ ක්‍රියාකාරින් එක්ව පැවැත්වූ සාකච්ඡාව සදහා , මධ්‍යම පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් , මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් සහ හිටපු පළාත් පාලන නියෝජිතයින් රැසක් එක්වූ බවයි එහි නියෝජිතයෙකු අප හා ප්‍රකාශ කලේ

ජනතා ද්‍රෝහි ආණ්ඩුවේ ගමන් මගට එරෙහිව ගොඩ නැගූ නව පක්ෂයේ ඉදිරි සැලැස්ම පිළිබදවද එම සාකච්ඡාවලදී අවධානය යොමු කර ඇත . මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ජනතා හිතවාදි ආණ්ඩුවක් ඇති කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවී ඇති බවයි වාර්තා වන්නේ .

16990531_2226753097550172_356556868_o 17015318_2226753100883505_822941710_o 17016270_2226753104216838_155118575_o