සමන් රත්නප්‍රිය ,ගාමිණි වියන්ගොඩ අලුත් ව්‍යවස්ථාව ගේන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවති …මාධ්‍ය කල ප්‍රශ්න කිරීමේදී මාධ්‍යවේදියාට කොන්දක් නැතැයි බැණ වදී …ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදී පැන යයි … මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන බවට වියන්ගොඩගෙන් චෝදනා වියන්ගොඩලා,රත්නප්‍රියලා මාධ්‍යහමුවේදී හත්පොලේ ගා ගනී

0

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” විසින් කැදවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදින් විසින් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී මාධ්‍ය හමුව උණුසුම් මුහුණුවරක් ගත්තා.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සහභාගි වූයේ , පූජ්‍ය දඹර අමිල හිමි , සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩ යන අයයි .

එහිදි සිරස මාධ්‍යවේදියා විසින් දිගින් දිගටම ආන්දෝලනයට තුඩුදී ඇති , මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළා .මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම් වලදී උරණවූ සමන් රත්නප්‍රිය ,ගාමිණි වියන්ගොඩ ඇතුළු කණ්ඩායම මාධ්‍යවේදියාට අදාළ දේවල් කතා කරන ලෙසට ප්‍රසිද්ධියේ බැණ වදින්නට විය .

“ඔබ කරන්නේ මාධ්‍ය වෘත්තිය ගණිකා වෘත්තියේ යෙදවීමක් ..මෙහෙම ප්‍රශ්න අහන එක සාධාරණ නෑ …අද ගිහින් අපි කතා කරපු දේවල් නෙමේ මේක විකාශය කරන්න …”ගාමිණි වියන්ගොඩ ප්‍රසිද්ධියේම මාධ්‍යවේදියාට තර්ජනාත්මකව බැණ වදින්නට විය.

කරුණු පැහැදිලි කිරීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසට මාධ්‍යවේදියා විසින් දිගින් දිගටම අවස්ථාවක් ඉල්ලුවද ඔහුට ප්‍රසිද්ධියේ මේ කණ්ඩායම විසින් බැණ වදින්නට විය.

ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන්ට අයිතියක් ඇති බවට සිරස මාධ්‍යවේදියා ප්‍රකාශ කලද සමන් රත්නප්‍රිය කණ්ඩායම මාධ්‍යවේදියාට කොන්දක් නැතැයි ,මාධ්‍ය හමුව අල කළා යැයි කියමින් ප්‍රසිද්ධියේ දැඩි ලෙස අපහාසාත්මකව බැණ වදින්නට විය .