Home / Featured / රට යන අත හොද නෑ …අද බුද්ධි අංශ නිළධාරින් “සර් රට, ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහින් නිකං හිරේ විලංගුවෙ වැටෙන්නේ ඇයි ?දෙන දෙයක්‌ කාල කියන දෙයක්‌ අහගෙන ඉන්නවා ” කියන තත්වයට පත් වෙලා

රට යන අත හොද නෑ …අද බුද්ධි අංශ නිළධාරින් “සර් රට, ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහින් නිකං හිරේ විලංගුවෙ වැටෙන්නේ ඇයි ?දෙන දෙයක්‌ කාල කියන දෙයක්‌ අහගෙන ඉන්නවා ” කියන තත්වයට පත් වෙලා

රට ගමන් කරන මාවත එතරම් සුභ දායි නොවන බව , මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් බොරලැස්‌ගමුවේ ගෝල්ඩන් රෝස්‌ හෝටලයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු පැවසුවේ ,අද වන විට ආරක්ෂක බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යවී ඇති බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ,

“මම සොල්දාදුවෙක්‌. මම අත්දැකීම් සහිත වගකීම් සහිත නිලධාරියෙක්‌ වෙලා හිටියා. මට පේනවා මට දැනෙනවා. මට එලාම් එක දෙන්න පුළුවන්. අපේ බුද්ධි අංශ එදා ඉතා බලවත් තත්ත්වයකට ගෙනාවා. ඒකට හොඳම උදාහරණය මැලේසියාවෙ හැංගිල හිටපු කේ. පී. ව රහසේම මැලේසියාවෙදි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනාපු එක. ඒ වගේ බුද්ධි ක්‍රියාන්විත කරල තියෙන්නෙ ලෝකයේම සංවිධාන එකක්‌ දෙකක්‌ පමණයි. එවැනි බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තියෙනවා .

අද වෙලා තියෙන බුද්ධි අංශ සංහාරය අනුව අපේ බුද්ධි අංශවල නිලධාරීන් හා සෙබළුන් කියන්නේ මොනවටද සර් රට, ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහින් නිකං හිරේ විලංගුවෙ වැටෙන්නේ/ කියලයි. දෙන දෙයක්‌ කාල කියන දෙයක්‌ අහගෙන ඉන්න තත්ත්වයට ඔවුන් පත්ව ඇති බව ද මේජර් ජෙනරාල් කමල් ගුණරත්නවැඩිදුරටත් පැවසුවා. “

Check Also

අගමැති කමේ කිසිදු වෙනසක් නෑ…අගමැති ඉවත් කිරිමට කිසිදු උත්සහයක් ගන්නේ නෑ…

අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ කිසිදු අදහසක් ...