ශ්‍රි ලංකාවට එරෙහි දෙමළ ඩයස්පෝරා වැඩ අරඹයි…යුධ අපරාධ චෝදනා සදහා කෙරෙන පරීක්ෂණ වලින් පැන යන්න දෙන්න එපා …ශ්‍රි ලංකාව යුධ අපරාධ කළා …UN වාර්තාව ගැන ඩයස්පෝරාවේ ප්‍රසාදය

0

2015 ඔක්තොම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ක්‍රියාවට නැංවීමට ලබා දුන් යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකාවට තවත් කාලය ලබා නොදෙන ලෙසට , දෙමළ ඩයස්පෝරාව විසින් බලපෑම් කරමින් සිටින බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

දෙමළ ඩයස්පෝරාව මෙවර සමුළුවේදී , ශ්‍රි ලංකාවේද උතුරු කොරියාවේ පිහිටුවන ලද , ආකාරයට ජාත්‍යන්තර යුධ අධිකරණයක් පිහිටු වීමට කටයුතු කරන ලෙසට බලකරමින් සිටින බවද එම පුවත්පත කරුණු වාර්තා කරනවා.

ශ්‍රි ලංකාව සත්‍ය වශයෙන්ම අන්තර්ජාතික යුධ අපරාධ නීතිය යටතේ , කිසිදු අපරාධයක් යුධ සමයේදී මෙන්ම ඊට පසුවද සිදු නොවූ බව විශ්වාස කරන්නේ නම් , එම යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා තවත් වැඩි කාලයක් ඉල්ලා සිටින්නේ ඇයිදැයි දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රශ්න කරනවා.

දෙමළ සිවිල් සමාජ කවය , බ්‍රිතාන්‍ය දෙමළ ජාතික සංසදය සහ තවත් ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරින් සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් 11 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් මෙලෙස ඉල්ලා ඇති බව සදහන්.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ප්‍රකාශ කරන්නේ , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබදව අපේක්ෂාවෙන් සිටියද , ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ජාත්‍යන්තර ප්‍රජාව නොමග යවන බවයි .

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා රජය ,එක්සත් ජාතීන්ගේ කවුන්සිලය ඉදිරියේ දණගසා කාලය ලබා දෙන ලෙසට හිගමනේ යෙදුණද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා ශ්‍රි ලංකාවේ වැරදි තහවුරු කරමින් , පසුගියදා ඉදිරිපත් කල වාර්තාව ශ්‍රි ලංකාවේ සැබෑ පරාජයක් බව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පෙන්වාදී තිබෙනවා.මහ කොමසාරිස්වරයාගේ වාර්තාව හේතුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ බොහෝ රටවල් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ කලකිරීම සහ අවිශ්වාසය ඇතිවී තිබෙන බවද එම සංසදය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත .

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කල  නව වාර්තාවට දෙමළ ජාතික සන්ධානයේද ප්‍රසාදය හිමිවී තිබෙනවා .