Home / Featured / අපිට පළාත් පාලන ඡන්දය දියව් …නැතිනම් ගෙදර පලයව් …මැතිවරණයෙන් ආණ්ඩුව කුජීත වන බව සක් සුදක්සේ පැහැදිලියි … ආණ්ඩුවේ හොම්බ බිම අතුලන්න ඕනෑ රනිල්ගේ ආණ්ඩුව කම්බස් කරනවා

අපිට පළාත් පාලන ඡන්දය දියව් …නැතිනම් ගෙදර පලයව් …මැතිවරණයෙන් ආණ්ඩුව කුජීත වන බව සක් සුදක්සේ පැහැදිලියි … ආණ්ඩුවේ හොම්බ බිම අතුලන්න ඕනෑ රනිල්ගේ ආණ්ඩුව කම්බස් කරනවා

ඉදිරි මැතිවරණය හරහා රනිල්ගේ ආණ්ඩුව කම්බස් වන බවත් , ඒ බව දන්නා නිසාම ආණ්ඩුව මැතිවරණය කල් දමමින් කටයුතු කරන බව ,ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසනවා .ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

අපි දැන් කරන්න ඕන මේ ආණ්ඩුවේ හොම්බ බිම අතුල්ලන එක. මේ ආණ්ඩුවට අපි පැහැදිලිව කියලා තියෙනවා අපිට පළාත් පාලන ඡන්දය දියව් නැතිනම් ගෙදර පලයව් කියලා.දැන් ඒ සදහා අපි උද්ඝෝෂණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා.ඒ උද්ඝෝෂණ ක්‍රියාවලියත් සමග ආණ්ඩුව ගෙදර යවන ජනතා බලවේගය පාරට ගේනවා .

බැරිවෙලාවත් අපිට ඡන්දය ලැබුණොත් අපි ඡන්දයට යනවා.මේ තියන විරෝධතා ව්‍යාපාරයත් එක්කලා අපිට ඡන්දය ලැබෙනවා .මේ තියන ජනතා බලවේගයත් එක්ක පළාත් පාලන ඡන්දය අපි ලබා ගන්න බව අපි කියනවා .

පළාත් පාලන ඡන්දය ආවට පස්සේ කරන වැඩේ රටම දන්නවා.මේ ආණ්ඩුවේ සියළුම නියෝජිතයින් කුජීත පරාජයකට පත් කරලා , රටේ ජයග්‍රහණයේ ධජය නැවත ඔසවනවා. මේ ආණ්ඩුව දරුණු පරාජයකට පත්වෙනවාත් එක්කම ආණ්ඩුව ඇතුලෙන්ම පරීක්ෂණයක් සිදු කෙරෙනවා ,මේ ආණ්ඩුව පරාජය වුණේ ඇයි කියලා. ඒ පරීක්ෂණය කෙළවර වෙන්නේ ආණ්ඩුව ඇතුලතින්ම කඩා ගෙන වැටිලා . මහින්ද පාවඩයෙන් කැදවාගෙන යන අනාගතය වැඩි ඈතක නෙමේ .පළාත් පාලන ඡන්දයෙන් ඒක කරන්න පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්දයක් එන එක හරි අමාරුයි .මොකද මේ රටේ මිනිස්සු දන්නවා ඒ අය මේ ආන්ඩුව එක්ක මගුල් කාපු හැටි . ඉතින් එක එක උප්පරවැට්ටි දාලා , ඡන්දය කල් දමන්න ඒ අයත් හදනවා . මේ උද්ඝෝෂණ ව්‍යාපාරය එක්ක ආණ්ඩුව තනි වෙනවා.මේ රනිල්ගේ ආණ්ඩුව කම්බස් කරන ගමනකට අපි යනවා .”

Check Also

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි….ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රීයේ!…තෙල් බෙදාහැරීම ගුවන් හමුදාව අතට

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා ...