රටම ලාභෙට කියා රාජ්‍ය ආයතන 06 ක් විකුණා දමන්න තීන්දුයි …ජාතික ජලසම්පාදන මණ්‌ඩලය, ඛනිජ තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය ඒ අතර …IMF හා එකගතා … For Sale

0

රාජ්‍ය ආයතන 06 ක් පෞද්ගලික අංශයට විකුණා දැමීමට , වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ගතාවයකට පැමිණ ඇති බව , හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ,ජාතික ජලසම්පාදන මණ්‌ඩලය, ඛනිජ තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය, වරාය, ගුවන්තොටුපළ, ශ්‍රී ලන්කන් එයාර්ලයින් යන ආයතන හය මෙලෙස විකුණා දැමීමට එකගතාවයට එළඹි ඇති බවයි .

රටේ ජාතික සම්පත් පාඩු ලබන ආයතන බව පවසමින් කුණු කොල්ලයට විකුණා දැමීම අනුමත කල නොහැකි බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ , මේ සඳහා වන මූලික සාකච්ඡා වට කිහිපයක්‌ දැනටමත් අවසන් කර තිබෙන බවයි.

රාජ්‍ය දේපළ මෙලෙස කුණුකොල්ලයට විකුණා දැමීමට රජය ගෙනයන ව්‍යාපාරයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය රටේ අනෙකුත් බලවේග සමඟ එක්‌ව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.