Home / විශේෂාංග / බුදුන් වහන්සේගේ දකුණු දළඳාව තැන්පත් කළ ස්ථානයේ කැණීම් ඇරඹේ
DALADA_NEWSALERT

බුදුන් වහන්සේගේ දකුණු දළඳාව තැන්පත් කළ ස්ථානයේ කැණීම් ඇරඹේ


බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කොට ඇතැයි සැලකෙන ඓතිහාසික සෝමාවතිය චෛත්‍යයේ එම තැන්පත් කිරීමට පෙර මෙම මැදිරිගිරිය මහතලාකොළවැව පුරාණ රජ මහා විහාරස්‌ථානයේ තැන්පත් කර තිබූ බවට ජනප්‍රවාදයක්‌ පවතී. මැදිරිගිරිය මහතලාකොළවැව පුරාණ රජමහා විහාරස්‌ථ පුරාවිද්‍යා භූමියේ කැණීම් කටයුතු මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ප්‍රධාන කැණීම් පරීක්‌ෂක ප්‍රියන්ත මාරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.
බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව ඓතිහාසික සෝමාවතිය චෛත්‍යයේ තැන්පත් කිරීමට පෙර එම දකුණු දළදාව තැන්පත් කර තිබූ පුද බිම ලෙස ජනප්‍රවාදයේ සඳහන් මැදිරිගිරිය මහතලාකොළවැව පුරාණ විහාරස්‌ථාන භූමියේ පුරා විද්‍යා කැණීම් කටයුතු ආරම්භ කළ බව මධ්‍යම සංස්‌කෘතික අරමුදල පවසයි.

පොලොන්නරුව පුරාවිද්‍යා හා මානව වංශවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම පස්‌ අවුරුදු ගවේෂණ ව්‍යාපෘතිය යටතේ අලුතින්ම කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ මැදිරිගිරිය මහතලාකොළවැව පුරාණ විහාරස්‌ථ පුරාවිද්‍යා බිමේය. අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක්‌ සහ පිළිමගෙයක ගල් කණු සහිත අවශේෂ මෙම පුරා විද්‍යා භූමියෙහි දක්‌නට තිබෙන අතර එහි කැණීම් කටයුතුවලදී තවත් බොහෝ ඓතිහාසික තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකිවනු ඇතැයි මහාචාර්ය ගුණවර්ධන මහතා පවසයි.

news pix polonnaruwa (1)

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

aaley-%e0%b6%86%e0%b6%bd%e0%b7%9a-official-music-video_lna

නඩුවක් වෙනුවට සිංදුවක් කියමුද?

DADDY සංගීත කණ්ඩායම විවිධ වෙනස් කම් සිදු කරමින් නව නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායමක් ඔවුන්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *