Home / Featured / සිංහල අවුරුද්දට පාන් කියා ගන්න බැරි වෙයි …ආර්ථික අර්බුධය එන්න එන්නම දරුණුයි
RUPEES_LNA_08_03_2016

සිංහල අවුරුද්දට පාන් කියා ගන්න බැරි වෙයි …ආර්ථික අර්බුධය එන්න එන්නම දරුණුයි


රට තුළ පවතින ආර්ථික අර්බුධය , එළැඹෙන සිංහල අවුරුදු සමයේදී තවත් දරුණු අතට හැරෙණු ඇති බවට ,පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන අනතුරු ඇගවීමක් කරනවා . පුංචි බොරැල්‍ලේ ශ්‍රී වජිරාශ්‍රම විහාරයේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළා.

මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ප්‍රධානි ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය හමුවීමට ඒකාබද්ධ විපක්ෂය විශේෂ ඉල්ලීමක් කර ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කළා .

ඒකාබද්ධ විපක්ෂය මෙම ඉල්ලීම කර ඇත්තේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ ෂෙහාන් සේමසිංහ යන අය ඉකුත් සිකුරාදා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ මෙරට නියෝජිතයන් හමුවීමෙන් අනතුරුවය.

මෙරට ආර්ථිකය මුහුණ දී ඇති අභියෝග සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ප්‍රධානි ක්‍රිස්ටීන් ගාර්ඩ් මහත්මියට දැනුම් දීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ මෙරට නිත්‍ය නියෝජිතයන් හමුවෙලා කතා කළාම තේරුම් ගියේ අපේ රට මුහුණ දී තියෙන ගැටලු ගැන අපිටත් වඩා ඔවුන් අවබෝධ කරගෙන ඉන්නවා කියලයි.

අද වෙනකොට ඩොලරය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. මේක ඉතාම අයහපත් තත්ත්වයක්. එළැඹෙන සිංහල අවුරුදු සමයේදී මේ තත්ත්වය තවත් දරුණු අතට හැරෙන්න පුළුවන් .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

Facebook_SINHALA_NEWSALERT

ෆෙඩරල්වාදීන්ට ඕනෑ විදියට නටන්න බෑ-අලුත් ව්‍යවස්ථාව මහාසම්මතයෙන් අනුමත විය යුතුයි

දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙන්ම ජනමත විචාරණයක් ඕනා, අලූත් ව්‍යවස්ථාවක් ඕනා කියන සටන් පාඨය. අලූත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *