Home / Featured / ආණ්ඩුවයි..ඒකාබද්ධයයි ගැටේ… පාර්ලිමේන්තුව අදත් ගිනියම්….ලබන 21වනදා දක්වා කල් තබයි…

ආණ්ඩුවයි..ඒකාබද්ධයයි ගැටේ… පාර්ලිමේන්තුව අදත් ගිනියම්….ලබන 21වනදා දක්වා කල් තබයි…

අද (10) පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භ නොකරම පාර්ලිමේන්තුව ලබන 21වනදා පස්වරු 01.00 දක්වා කල් තැබීමට කතා නායක කරූ ජයසූරිය මීට සුළු මොහොතකට පෙර නියෝග කළා.ඒ ආණ්ඩු පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිම හේතුවෙනී.

අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පළමුව මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට අවස්ථාව එළෙඹි අතර ඉන් පසු මහින්ද පිලේ මන්ත්‍රී වරු තිදෙනෙකුට විශේෂ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබිණ අතර සදහා ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවේදී එකඟතාවයකටද පැමිණ තිබේ.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංස සහ කෙහෙළිය රඹුක්වැල්ල යන් මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන් අතර එම අදහස් දැක්වීම අතරතුර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නැගිට එසේ අදහස් දැක්වීමට ලබාදීම දෝශදර්ශනයට ලක් කිරිම මෙම

එම වස්ථාවේදී කතානායක කරූ ජයසූරිය මහතා, පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දැඩි ස්වරූපයකින් සිහිපත් කළ නමුත් කිරිඇල්ල මන්ත්‍රීවරයා දිගින් දිගටම ඊට විරෝධය දැක්වීය.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු තිදෙනා සිය අදහස් දැක්වීම අවසන් වීමත් සමග ආණ්ඩු පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර දැඩි උණුසුම් තත්වයක් හටගත් අතර ප්‍රධාන වැඩකටයුතු සඳහා සභාව ඉදිරියට ගෙනයාමට නොහැකිවීම හේතුවෙන් කතානායකවරයා සභාව 21වනදා දහවල් 01.00 තෙක් කල් තබන ලදී.

Check Also

ආණ්ඩුවට එරෙහි මහා කැරැල්ළක් … සියළු බෞද්ධ සංවිධාන එකම ගමනක

වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ජාතික සංවිධාන නියෝජනය කරන නායක භික්ෂූන් වහන්සේලා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *