Home / Featured / ටයි කෝට් පරපුරේ ලොකුම මංකොල්ලය …අගමැති කමිටු වාර්තාව Missing

ටයි කෝට් පරපුරේ ලොකුම මංකොල්ලය …අගමැති කමිටු වාර්තාව Missing

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති විසින් පත් කල කමිටුවේ වාර්තාවට කුමක් සිදු වූයේද යන්න රටට අනාවරණය කල යුතු බව ,ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසනවා.ගම්පහ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ ,

“දැන් මේ ආණ්ඩුව ආවේ ,හොරු අල්ලන්න. එහෙම ආපු ආණ්ඩුව යහපාලනය ඝාතනය කළා 2015 පෙබරවාරි 28 .එදා තමා බැදුම්කර වංචාව පටන් ගත්ත දවස .

හොරු අල්ලන්න ආපු ආණ්ඩුව ,අද හොරු විසින් තමා අල්ලන් ඉන්නේ .ඒකේ ප්‍රතිඵලය මොකක්ද ? හොරුත් එක්ක එකට ගමන් බිමන් යනවා.වැඩේ දීලා තියෙන්නේ කියලා දැන් දන්නවා කට්ටිය .ඒ නිසා තමා අර ජනාධිපති කොමිසමක් දැම්මේ . ජනාධිපති කොමිසමට කලින් අගමැති කොමිසමක් දැම්මා .

දැන් ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය කිය කිය යන , ප්‍රජාතන්ත්‍රවාදි නායකයා කියලානේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්නේ.ඒවුණාට තමන් පත් කරපු කමිටුවේ වාර්තාවට මොකද වුණේ කියලා කියන්නේ නෑ . බැලූ බැල්මට වංචාවක් වෙලා තියනවා නම් ,වංචාවට දඩුවම් දෙන්න ඕන .රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේ ආණ්ඩුවේ අර්ජුන් මහේන්ද්‍රන් මිලියන 15,000 ක් අර්ථසාධක අරමුදල් කොල්ල කාලා තියෙනවා . ශ්‍රි ලංකා මහ බැංකුවට වෙච්ච අලාභය මිලියන 55,850 ක් .බැදුම්කර වල පොලි අනුපාතය ඉහළ යෑම නිසා අපි ගෙවන්න තිබුණ ණය පොලිය වැඩි වෙලා තියෙනවා.මේ ඔක්කොම එකතු කළාම කෝටි 20,000 කට වඩා වැඩියෙන් අපිට පාඩු වෙලා තියෙනවා.”

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  අද (10) බැඳුම්කර පිළිබඳ විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවට  පැමිණ සිටි ආකාරය  

17191511_1763717210623762_6119376781320412663_n
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (10) බැඳුම්කර පිළිබඳ විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ සිටි ආකාරය

Check Also

ආණ්ඩුවට එරෙහි මහා කැරැල්ළක් … සියළු බෞද්ධ සංවිධාන එකම ගමනක

වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ජාතික සංවිධාන නියෝජනය කරන නායක භික්ෂූන් වහන්සේලා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *