Home / Featured / ශ්‍රී ලංකන් ගුවන් හොරකමේ පාඩුව බිලියන 32 ක්- කිසිම හොරෙක් තව වෙනකම් හිරේ ගිහින් නෑ

ශ්‍රී ලංකන් ගුවන් හොරකමේ පාඩුව බිලියන 32 ක්- කිසිම හොරෙක් තව වෙනකම් හිරේ ගිහින් නෑ

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන්යානා තුනක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීම මහා පරිමාණ හොරකමක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සදහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 120 කට මිලට ගැනීමට තිබූ ගුවන් යානාවක්‌ පසුගිය රජය මිලට ගත්තේ ඩොලර් මිලියන 800 කට බව ද එමගින් රජයට ඩොලර් මිලියන 644 ක පාඩුවක්‌ මසකට සිදුවන බවයි.

එම මහා පරිමාණ හොරකමෙන් රජයට සිදු වන රුපියල් බිලියන 32 ක පාඩුව අවම කරමින් ගුවන්යානා මිලදී ගැනීම අවලංගු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් පවතින බවත් ඇමැති කබීර් හෂීම් සදහන් කර සිටියා.

වසර 2014 වන විට ශ්‍රී ලංකා ගුවන් සමාගමට රුපියල් බිලියන 32 ක පාඩුවක් සිදුව තිබූ බවත් පසුගිය වසර වන විට වත්මන් රජය විසින් එම පාඩුව රුපියල් බිලියන 16 දක්වා සියයට 50 කින් අවම කිරීමට පියවර ගත් බවත් පසුගිය රජය A – 350 ගුවන්යානා අටක් වෙළෙඳපොළට මිලට වඩා දෙගුණයක් වැඩිව මිලදී ගැනීමෙන් සිදු කළ වංචා, දූෂණ හා අක්‍රමිකතා නිසා රටේ ණය බර වැඩි වී ඇතැයි ද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළා.

අමාත්‍යවරයාගේ පිළිතුර හමුවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සදහන් කලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හොරකමක් සිදුවී ඇතැයි සඳහන් කළත් වසර දෙකක් ගතවී තිබියදීත් කිසිදු අයකු හිරේ නොදමා ඇති බවයි.

Check Also

ආණ්ඩුවට එරෙහි මහා කැරැල්ළක් … සියළු බෞද්ධ සංවිධාන එකම ගමනක

වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ජාතික සංවිධාන නියෝජනය කරන නායක භික්ෂූන් වහන්සේලා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *