Home / දවසේ පුවත / විදුලි බලය,රසායනික ද්‍රව්‍ය මුකුත් නෑ … තත්පරය කිහිපයකින් බේරේ වැවේ වතුර බොමු…

විදුලි බලය,රසායනික ද්‍රව්‍ය මුකුත් නෑ … තත්පරය කිහිපයකින් බේරේ වැවේ වතුර බොමු…

තත්පර කිහිපයක දී අපිරිසිදු ජලය පිරිසිදු කළ හැකි බ්‍රිතාන්‍ය ලයිෆ් සේවර් (Life Saver) නැමති ජල පෙරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා. අමාත්‍ය රවී කරුණායකගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී 9 වැනිදා එලිදැක්වුණ අතර එය, කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට මෙන්ම, වකුගඩු රෝගය පැතිර යන උතුරු මැද ඇතුළු සෙසු පළාත්වලට උචිත උපකරණයක් වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කර සිටියා.

එක්සත් රාජධානියේ සමාගමක් නිශ්පාදනය කරන ලෝකයේ රටවල් ගණනාවක භාවිත කරන Life Saver නැමති ජල පෙරණය ක්‍රියාත්මක කිරීමට, විදුලි බලය හෝ වෙනත් බලශක්තියක් අවශ්‍ය නොවන අතර, ජලය පිරිසිදු කිරීමට රසායනික ද්‍රව්‍ය භාවිත නොකිරීම විශේෂත්වයක්.

බේරේ වැවෙන් ගත් අපිරිසිදු ජලය විනාඩි දෙකක් වැනි සුළු කාලයකදී පිරිසිදු කර බීමට ගත හැකි තත්ත්වයට පත් කළ හැකි බව එම නිෂ්පාදකයන් මාධ්‍ය හමුවේ පෙන්වා සිටියා.මෙම ජල පෙරණය භාවිත කර හතර දෙනෙකුගෙන් යුත් පවුලකට පානීය ජලය හදා ගැනීමට වියදම් වන්නේ දිනකට ශත 50 ක් තරම් සුළු මුදලක් බවද එම සමාගම පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යවරයාට බේරේ වැවේ වතුර පිරිසිදු කර  පෙන්වන අකාරය 

water_filter_2017_03_09_03 watre_filter_2017_03_09_01

Life Saver හදුන්වාදෙන සමාගමේ විඩියෝවක්

Check Also

16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරට විසදුමක් නොව යටත්විජිතත්වයට රට ගෙනයාමකි

වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇත්තේම බ්‍රිතාන්‍ය යටත්විජිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මිස රටට ...