“ලේවල හඩ” ජාතිවාදී පොතක් මුද්‍රණයේදි මාට්ටු…සල්ලි දුන් ප්‍රංශ ජාතිවාදීන් අතර උතුරේ මියගිය කියන දෙදෙනෙකුත්

0

“ලේවල හඩ” යන අර්ථය සහිතව ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙනදෙන ආකාරයේ ජාතිවාදය ඇවිස්සිමට තුඩුදේන ආකාරයේ කරුණු අඩංගු පොත් තොගයක් මුද්‍රණය කිරිම සදහා බොරලැස්ගමුව ප්‍රදේශයේ මුද්‍රණාලයකට ඇණවුමක් ලබාදුන් පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් ඊයේ(10)අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජාතිවාදි පොත් තොගය මුද්‍රණය කර ප්‍රංශයට යැවිම සදහ මෙම පුද්ගලයා කටයුතු කරමින් සිට ඇති අතර අදාළ සැකකරු දෙහිවල කව්ඩාන ප්‍රදේශයේ පදිංචිකරුවේකු බවද පොලිසිය සදහන් කළා.යුද සමයේ ඇතිවුවා යැයි චොදනා නැගෙන යුධ අපරාධ සම්බන්ධයෙන් වු තොරතුරු මෙම පොතට ඇතුලත් කිරිමට කටයුතු කර තිබු අතර ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසිය සොයාගෙන තිබේ.

ප්‍රංශයේ පදිංචිවි සිටින අයෙකු මේ අකාරයේ පොතක් මුද්‍රණය කර එවන ලෙසට තමන්ට විද්යුත් තෑපෑල හරහා දැනුම් දුන් බවත් ඒ අනුව තමන් එම පොත් තොගය මුද්‍රණයට භාර දුන් බවද එම සැකකරු අනාවරණය කර තිබේ.

මුලින්ම පොත් 1000ක් මුද්‍රණය කර එවන ලෙස ප්‍රංශයේ සිටින පුද්ගලයා දැනුම් දි තිබේන අතර ඒ සදහා රුපියල් 1,60,000ක පමණ මුදලක් ඒ සදහා එවා තිබේන බවද පොලිස් පරික්ෂණ හරහා අනාවාරණය වි තිබේ.

අදාළ ඇණවුම භාරදුන් ප්‍රංශයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් වු තොරතුරු පොලිසිය විසින් සොයාගෙන තිබේන අතර යුද සමයේදි උතුරේදි මියගිය බව කියන කනපතිපිල්ලේ අරුණායගම් සහ ආරුමුගම් ශිවලෝගනාදන් නැමැති දෙදෙනාද එම විස්තරවල සදහන්ව සිටින බවද අනාවරණය වි තිබේ.

ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය අදාල පරික්ෂණ මෙහෙයවමින් සිටි.