Home / ප‍්‍රාදේශිය / මාර්තු 28 සිට සියළු වතු සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
Hatton_SINHALA_NEWSALERT

මාර්තු 28 සිට සියළු වතු සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක


ජිවන වියදමට සරිලන වැටුපක් ලබාදිමට වතු හාම්පුතුන් මෙම මස 28 වන දා වනවිට  තිරණයක් නොගතහොත් අඛණ්ඩව  වැඩ වර්ජනයක් කරන බව ලංකා වතු සේවක සංගමය පවසති.ලංකා වතු සේවක සංගමය විසින් අද (12) හැටන් නගරයේ විරෝධතාවයක් දක්වමින් එසේ පැවසිය.

ලංකා වතු සේවක සංගමය ඉල්ලිම් 03 ක් මුල්කරගනිමින් හැටන් බස්නැවතුම්පල අසලදි අද පෙරවරුවේ උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවැත්විය.හැටන් නගරයෙන් ආරම්භකල මෙම උද්ඝෝෂණය දිවයින පුරා  ලබන 25 වන දින දක්වා ක්‍රියාත්මක කරන බවත් තම ඉල්ලිම් සම්බන්ධව නිසි පියවරක් නොගතහොත් ලබන මාර්තු 28 වන දිනයේ සිට සියළු වතු සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත විමට අපේක්ෂා කරන බවද එම සංගමයේ ප්‍ර‍ධාන ලේකම් නාත් අමරසිංහ  පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ

අපේ මුලික ඉල්ලිම තමයි ජිවත්වෙන්න වැටුපක් ලබාදෙන්න කියන එක.විධාය නිලධාරින් ලබාගන්න වැටුප අපේ වැටුපට වඩා විශාල පරතරයක් තියෙනවා .නමුත් සේවකයින්ගේ වැටුප් වැඩි කිරිමේ ගිවුසුම කල් ඉකුත්වෙලා මාස හයකට වැඩියි.අපි ඉල්ලිම් කලා  මේ ගිවිසුම යාවත්කාලීන කරන්න කියලා.ඒ වෙනුවෙන් සාකඡ්චාවාර තුනක් පැවැත්වුනා.එහිදි ඔවුන් අපේ ඉල්ලිම් වලට ඇහුම්කන් දෙන්නේ නැ.අපි ඉල්ලන්නේ අපේ වැටුප 40% ඉහල දැමිම.වැටුප් ගිවිසුම් කාලය අවුරුදු දෙකකට සිමා කිරිම හා වැටුප් සංශෝධන  ගිවිසුම කල්පිරුන දවසේ සිට එනම් පසුගිය මාස හය දක්වා ගෙවියයුතු හිග මුල ගෙවන ලෙසයි. මේ ඉල්ලිම් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන බව පවසන ඔවුන් වතු කම්කරුවන්ව හාම් පුතුන් රැවටුවා සේ වතු සේවකයින් රවටන්නට ඉඩ නොදෙන බවද අවධාරණය කලහ.

එම අවස්ථාවට ලංකා වතු සේවක සංගමයේ  සංගමයේ ප්‍ර‍ධාන සභාපති.ශාඛා සමිතිවල නිලධාරින් හා දිස්ත්‍රික්ක රැසක සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

හැටන් – චන්දන ජයවීර

DSC00458 DSC00468 DSC00482 DSC00483 DSC00484 DSC00485 DSC00488 DSC02730

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

srilankaair_lne

ශ්‍රී ලංකා ගුවන් සේවය අවසන් ගමන් දෙකක් යයි

රජය විසින් මිහින් ලංකා ගුවන් සමාගමේ සේවා කටයුතු අත්හිටුවිමට පියවර ගැනීමත් සමග මිහින් ලංකා ගුවන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *