Home / Featured / කථානායක කරු ජයසුරියමයි … වෙනස් කරන්න කිසිම තිරණයක් නෑ
KaruJayasuriya_SINHALA_NEWSALERT

කථානායක කරු ජයසුරියමයි … වෙනස් කරන්න කිසිම තිරණයක් නෑ


කථානායක කරු ජයසුරිය එම ධුරයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.අම්බලන්තොට – බෝලාන – කොග්ගලු රජමහා විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ කථානායකවරයා එම ධුරයෙන් ඉවත් කර වෙනත් අයෙකුට එය ලබාදෙන බවට පළ වන වාර්තා පදනම් විරහිත බවයි.

මේ අතර මුලසුනේ කටයුතු සාධාරණ ලෙස සිදු නොකරන නිසා කරු ජයසූරිය මහතා කතානායක ධුරයෙන් ඉවත් කරන ලෙසට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කර ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු එජාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් විමසිමක් කල අතර ඔහු සදහන් කර ඇත්තේ එවැනි ඉල්ලිමක් පක්ෂ නායකත්වයට හෝ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඉදිරිපත් වි නොමැති බවයි.

විවිධ මත දරණ මන්ත්‍රීවරුන් පක්ෂය නියෝජනය කරන බවත් ඒ අනුව විවිධ කතා බහ හෝ ඉල්ලිම් ඔහුන්ට කිරිමට අයිතියක් තිබේන නමුත් දේශපාලන පක්ෂයක් ලෙස හෝ ආණ්ඩුවක් වශයෙන් ඒ අකාරයේ ඉල්ලිමක් හෝ තිරණයක් ගෙන නැති බවයි එජාප ජ්‍යෙෂ්ඨයා සදහන් කළේ.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *