Home / Featured / රණවිරුවන්ගේ නිර්දොෂී භාවය ලොවටම කියන ..”විරුවන්ගේ විත්ති වාචකය” ජිනීවා මානව හිමිකම් කවුන්සලයට

රණවිරුවන්ගේ නිර්දොෂී භාවය ලොවටම කියන ..”විරුවන්ගේ විත්ති වාචකය” ජිනීවා මානව හිමිකම් කවුන්සලයට

ජාතික සංවිධාන සම්මේලනය විසින් සකස් කරන ලද යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම නිදොස්‌ බවට දක්‌වන කරුණු සඳහන් විරුවන්ගේ විත්ති වාචකය නමැති පිටු 200 ක වාර්තාව අද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත පිළිගැන්විමට නියමිතයි. අද (13) සවස 3.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධ මන්දිරයේදී එම උත්සවය පැවැත්වෙන බව ජාතික සංවිධාන සම්මේලනය සදහන් කළා.

මිට අමතරව මෙම වාර්තාව ලුතිනන් ජනරාල් දයා රත්නායක, රියර් අද්මිරාල් එච්. ආර්. අමරවීර. රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම, මේජර් ජනරාල් සීවලී වනිගසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන හමුදා නිළධාරින්ටද පිළිගැන්විමට නියමිතව තිබේ.

රණවිරුවන් නිදොස්‌ බව දක්‌වමින් ප්‍රකාශයට පත්වූ මුල්ම වාර්තාව මෙය වන අතර මෙම වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට පෙර හෙට (14 ) එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ද 16 වැනිදා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ද යොමුකර කෙටි කරුණු දැක්‌වීමක්‌ සිදු කිරිමට නියමිතයි.

ජාතික සංවිධාන සම්මේලනයේ මෙහෙයවීම සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අනුග්‍රහය යටතේ පිළිගත් ස්‌වාධීන විද්වත් නීතිඥ මඩුල්ලක්‌ විසින් අපට එරෙහිව නගන ලද යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කරමින් රණවිරුවන්ගේ නිර්දොෂී භාවය සහ ගෞරවය තහවුරු කරමින් සවිස්‌තරාත්මක වාර්තාව සකස්‌ කර ඇති අතර. කොටස්‌ දෙකකින් සමන්විත මෙම විද්වත් වාර්තාවේ පළමු කොටස නීති තර්ක සහ කරුණුමය සාක්‍ෂි අඩංගු වන අතර දෙවන කොටස පෙර සඳහන් කළ ලෝ පිළිගත් යුද විශේෂඥයන් සකස්‌ කළ විද්වත් වාර්තා 7 කින් සමන්විත වේ.

Check Also

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක්….හපාලන ආණ්ඩුව නංගි පෙන්නලා මී ආච්චි දුන්නා…

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක් බවට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඊයේ (21) ...