Home / Featured / “අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සන් කෑ ගහනවා “සූකර වැඩ එපා …ඇමති තෙවරප්පෙරුම පෝදා වැඩ කරමින්
THEWARAPPERUMA_LNA_13_03_2016

“අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සන් කෑ ගහනවා “සූකර වැඩ එපා …ඇමති තෙවරප්පෙරුම පෝදා වැඩ කරමින්


කළුතර නාගොඩ ගුවන් තොටුපළ මාර්ගයේ නිවසක් ග්‍රාම නිළධාරියෙකු විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් , සොයා බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කටයුතු කල අතර එහිදී ඇති වූයේ දැඩි උණුසුම්කාරි තත්වයකී.

කළුතර නාගොඩ ගුවන් තොටුපළ මාර්ගයේ රජයේ ඉඩම්වල පිරිසක් බලහත්කාරයෙන් රැදී සිටින බව පවසමින් ඊයේ (12) ප්‍රදේශයේ ග්‍රාමනිළධාරිවරයා විසින් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඉන් එක් නිවසක් කඩා බිම දමා තිබෙනවා .පසුව ඒ පිළිබද සොයා බැලීමට එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රදේශවාසින් අතර ඇති වූයේ දැඩි උණුසුම්කාරි තත්වයක්.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාව දැනුවත් කළ අතර පසුව ග්‍රාමනිළධාරිවරයා සමග අදාළ නිවස කඩා බිද දැමීමට සහය දැක්වූ අසල්වැසි නිවැසියන් සහ අමාත්‍යවරයා අතරද දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති වූවා.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් , කළුතර නාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා සිටියේ ,මේ අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සන් තමාට ගහන්න එන බවයි .”

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව එල්ල වන ග්‍රාමනිළධාරිවරයාවද දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබුවා.

ග්‍රාම නිළධාරිවරයාට අමාත්‍යවරයා විසින් කියා සිටියේ ,

“පෝය දවසේ ඔයා මෙතන වයසක අම්මා කෙනෙකුයි ,දරුවෝ කිහිප දෙනෙකුයි ඉන්න ගෙයක් ඔයා බලහත්කාරයෙන් කඩලා කුඩු කරලා දාලා ගිහිල්ලා . ඔයා අනිත් අයට පර්මිෂන් දීලා තියනවා අරක්කු ටිකක් බීලා .මේ මිනිහාට දෙන්නේ නෑ .

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාමනිළධාරිවරයා විසින් දිගින් දිගටම කරුණු ප්‍රකාශ කරන විටදීත් අමාත්‍යවරයා විසින් කියා සිටියේ ,

ඉතිං කඩපන්කෝ බන් මේ සේරම ගෙවල් ටික .මේ එකක් කඩලා තියෙන්නේ .ග්‍රාම සූකර වෙන්න ලෑස්ති වෙන්න එපා.පිස්සෙක් කොහෙද යන ” යනුවෙනි .

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *