Home / Featured / සිංහල, දෙමළ සහ මුස්ලිම් එකම සහෝදරයන් – සිංහල බෞද්ධයන්ගෙන් කිසිම කෙනෙකුට හිංසා නෑ

සිංහල, දෙමළ සහ මුස්ලිම් එකම සහෝදරයන් – සිංහල බෞද්ධයන්ගෙන් කිසිම කෙනෙකුට හිංසා නෑ

අපේ සිංහල බෞද්ධයෝ කිසිම කෙනෙකුට හිංසා පීඩා නොකරන බොහෝම අහිංසක ජාතියක් බවත් උතුරු ප්‍රදේශයේ ජීවත් වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියන් යුද්ධයට පෙර සිටි අයුරින් එකම සහෝදරයන් ලෙසින් නැවත් ජීවත් විය යුතු බවත් වරකාගොඩ ඤාණරතන ශාමෝපාලිවංශික වංශයේ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් පවසා සිටියා.

“උතුරේ සිංහල, දෙමළ, මුස්ලිම් වැසියන් එකට ජීවත් වෙනවා. අපි අතර භේදයක් ඇති වුණේ මෑතකදි නේ. මෙම පළාත තුළ සියළු දෙනාම සහෝදරයන් ලෙස ජීවත් වූ යුගය නැවත ඇති විය යුතුය. මේ ඇණ කොටාගැනීමෙන් කිසිම් ප්‍රයෝජනයක් නැහැ. අපි සමගියෙන් සමාදානයෙන් ජීවත් වීම තුළ තමයි මිනිසත් බව ඇති වෙන්නේ. මිනිසුන් කියන්නේ අනුන් ගැන හිතන්න පුළුවන් ක්‍රියාකරන්න පුළුවන් පිරිසක්. මනුෂ්‍යත්වය අපි ඇති කරගන්නට වර්ධනය කරගන්නට ඕන, එකම පිරිසක් සහෝදරයන් පිරිසක් කියන හැගීම ඇති කර ගන්නට ඕන. ජනාධිපතිගේත්, අගමැතිගේත්, යුධ හමුදාපතිගේත්, පොලිස්පතිගේත් ඒ උසස් නිලධාරින්ගේත් ඒ හැගීම තියනවා. අනිත් අයගේ සිත්වලත් ඒ හැගීම ඇති කර ගත යුතුයි,”

පොලිස් ස්ථානවල, හමුදා කඳවුරු වල බෞද්ධ චෛත්‍යය, වෙහර විහාරස්ථාන ඇති කිරීම බොහෝම වැදගත්. එදා මේ විරුවන් වෙහෙසුනේ රට ජාතිය වෙනුවෙන්, රට ජාතිය බේර ගන්න. එහෙම නැතුව ද්වේශසහගත සිතුවිලි වලින් නෙමෙයි. අපි දන්නවා ඒ කාලයේ පොලිස් විරුවන්. යුධ විරුවන් දෙමළ ජනතාව ආරක්ෂා කර ගන්නට කටයුතු කළ ආකාරය. ඒ ගැන ඇතැම් අය හිතන්නේ නැහැ. ඒනිසා වෛරයක් ක්‍රෝධයක් අපි ලඟ ඇත්තේ නැහැ,” උන්වහන්සේ පවසා සිටියා.

වව්නියාව පොලිස් සංකීර්ණයේ ඉදිකරණ ලද චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පිංකමට වැඩම කරමින් මහනායක හිමියන් මෙම අදහස් ඉදිරිපත් කර සිටියා.

Check Also

ආණ්ඩුවට එරෙහි මහා කැරැල්ළක් … සියළු බෞද්ධ සංවිධාන එකම ගමනක

වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ජාතික සංවිධාන නියෝජනය කරන නායක භික්ෂූන් වහන්සේලා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *