Home / Featured / ශ්‍රී ලංකා ධජය සහිත නෞකාවක් , සෝමාලියානු කොල්ලකරුවන් පැහැර ගනී

ශ්‍රී ලංකා ධජය සහිත නෞකාවක් , සෝමාලියානු කොල්ලකරුවන් පැහැර ගනී

ශ්‍රි ලංකා ධජය සහිත නෞකාවක් සෝමාලියානු වෙරළ තීරය ආසන්නයේදී සෝමාලියානු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Aris 13 නමැති ඩූබායි රාජ්‍යට අයත් නෞකාවයි මෙලෙස පැහැර ගෙන ඇත්තේ. නෞකාව පැහැර ගැනීමට ලක් වීමට ප්‍රථමයෙන් ආපදා සංඥවක් නිකුත් කර තිබෙනවා. අනතුරුව එහි සන්නිවේදන පද්ධතිය අක්‍රියවී ඇත. නෞකාව සෝමාලි වෙරළ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන්ට පත්ව තිබේ නම් එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බව ද රොයිටර් පුවත් සේවය පවසයි.

නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බව ද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියේ ය.

ඊයේ (13) දිනය වන විට කුඩා යාත්‍රා දෙකක් පසු පස මෙම නෞකාව ගමන් කර ඇති බව ද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබේ.

Check Also

රවී යන්න මොහොතකට කලිනුත් සුපිරිම ගැහිල්ලක …ශ්‍රි ලංකා රේගුවට පාඩුව ලක්ෂ 100 කට අධිකයි

නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රෝස් දැව තොගයක් ශ්‍රි ලංකා වරාය රේගුව භාරයේ තිබියදී ...