Home / Featured / ඊළාම් ඩයස්පෝරාවේ තටු කැපේ …එක්සත් ජාතින් පරාදයි … යුධ විරුවන්ගේ අභිමානය රකින වාර්තාවක් එක්සත් ජාතීන්ට

ඊළාම් ඩයස්පෝරාවේ තටු කැපේ …එක්සත් ජාතින් පරාදයි … යුධ විරුවන්ගේ අභිමානය රකින වාර්තාවක් එක්සත් ජාතීන්ට

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකර නැති බව දැක්‌වෙන පිටු 200 කින් සමන්විත විමර්ශන වාර්තාවක්‌ රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.මේ ආකාරයේ වාර්තාවක් මීට පෙර , මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වී නැත.

මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවට එල්ල කරන යුද අපරාධ චෝදනාවලට පිළිතුරු එහි ඇතුළත් වී ඇත. රියර් අද්මිරාල් වීරසේකර ලබන 17 වනදා ජිනීවා සමුළුව ඇමතීමට නියමිතයි.

අදාළ වාර්තාවේ කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ 340 කට අදාළ තොරතුරු එහි ඇතුළත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊළම් ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව පවසමින් මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය තොරතුරු යොමු කර කර ඇති බැවින් කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ 340 කට අදාළ තොරතුරු ජිනීවාහි සිටින එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු නව තානාපතිනි නිකී හේලි සහ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කිරීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර තීරණය කර තිබේ.අදාළ වාර්තාව එළිදැක්වීම ඊයේ(13) කොළඹ දී සිදුකෙරුණි.

 

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...

One comment

  1. Have you ever considered about adding a little bit more than just your articles?
    I mean, what you say is important and all. But imagine if you added some great
    visuals or video clips to give your posts more,
    “pop”! Your content is excellent but with images and video clips, this website could definitely be one
    of the very best in its field. Wonderful blog!

    fodboldtrøjer