Home / Featured / කොටි හිතවාදීන් චෙන්නායි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට කඩා පනී …තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කෙරේ !

කොටි හිතවාදීන් චෙන්නායි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට කඩා පනී …තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කෙරේ !

චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩාවැදීමට උත්සාහ කළ නාම් තමිලර් පක්‍ෂයේ නායක සීමන් සහ ඔහුගේ ආධාරකරුවන් 300 ක්‌ පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

තමිලර් පක්‍ෂය කොටි හිතවාදී පක්ෂයක් වනවා.තමිල්නාඩු ධීවරයෙකුට පසුගියදා ශ්‍රි ලංකා නාවික හමුදාව වෙඩි තබා මරා දමා ඇති බව පවසමින් ඔවුන් මෙලෙස චෙන්නායි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩා පැනීමට උත්සහ කර තිබෙනවා.

මේ හේතුවෙන් චෙන්නායිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැඩි රැකවල් යොදා ඇත.

කෙසේ වෙතත් තමිල්නාඩු ධිවරයෙකුට ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් වෙඩි තබා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සදහා , මෙරට නාවික හමුදා බලධාරීන් විසින් තමිල්නාඩු ධීවරයාගේ බෝට්‌ටුවේ ජී. පී. එස්‌. උපකරණ වාර්තා ලබා දෙන ලෙස ඉල්ලීමක් කලද මෙතෙක් , ඒ සදහා ඉන්දීය වෙරළාරක්ෂක  සේවය ප්‍රතිචාරයක් දක්වා නෑ.

Check Also

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි….ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රීයේ!…තෙල් බෙදාහැරීම ගුවන් හමුදාව අතට

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා ...